Print On Demand With Etsy

print on demand + etsy-image

කිසි වැඩක් නොකර සල්ලි හොයන්න හැමෝම කැමතියි නේද. ඒත් ඉතින් නිකන් හිටියට කවුරුත් සල්ලි දෙන්නෙ නැහැනෙ. හැබැයි මේ ක්‍රමෙන් නම් ඔයාට මූලික දේවල් ටිකක් කරල නිකන් හිටියත් සල්ලි හම්බෙන තත්වෙට හදාගන්න පුළුවන්. අපි බලමු මොකක්ද මේ ක්‍රමය සහ කරන්නෙ කොහොමද කියලා.

මේකෙදි අපි දැනගන්න ඕනි එකක් තමයි printful.com web අඩවිය.

මොකක්ද මේ printful කියන්නෙ ?

Printful කියන්නෙ විවිධ product වලට  අපිට ඕනි විදියට design දාලා custom product නිර්මාණය කරන්න සහ අලෙවි කරන්න තියෙන වෙබ් අඩවියක්. මේක ලෝකයේ තියෙන ප්‍රසිද්ධම වගේම වඩාත් විශ්වාසදායක වෙබ් අඩවියක්.  මේකෙ තියෙනවා mugs , caps , t-shirt , collection item වගේ ගොඩක් items. අපිට තියෙන්නෙ මේවට ගැලපෙන විදියට ලස්සන design එකක් හදලා ඇඩ් කරන එක. ඊට පස්සෙ අපිට පුළුවන් මේක sell කරන්න දාන්න. මේ වැඩේට අපි යොදාගන්නෙ Etsy එක. order එකක් ආවම ඒක printful එකෙන්ම අදාල item එකට design එක print කරලා deliver කරනවා. එතනදි අපිට කැමති ලාභයක් තියාගෙන sell කරන්න පුළුවන්. දැන් අපි බලමු මේක කරන විදිය.

Design එකක් සැකසීම

මෙයට මුලින්ම copyright නොමැති සුදුසු design එකක් නිර්මාණය කර ගත යුතු වේ. ඒ සදහා photo shop වැනි software එකක් online web site වැනි කුමන හෝ ආකාරයකින් නිර්මාණාත්මක design එකක් මුලින්ම සකසා ගන්න.

Printful හි print on demand item එකක් සාදා Etsy store එකෙහි අලෙවි කරමු.

1. Register & create Etsy shop

මුලින්ම ඔයා මේකට printful.com web අඩවියේ register වෙලා ඉන්න ඕනි. ඉතාමත් පහසුවෙන් ඔයාට මේක කරගන්න පුළුවන්. ඔයාගෙ හරිම විස්තර දුන්නට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඒ වගේම ඔයා Etsy එකෙත් register වෙන්න ඕනි. ( etsy.com ) ඔයා Etsy එකට register උනාට පස්සෙ දකුණු පැත්තෙ උඩ ඔයාගෙ profile එක දකින්න පුළුවන්. ඒක click කරලා එතනින් sell on etsy කියන එක click කරන්න. එතකොට ඔයා වෙනම page එකකට යනවා. ඒකෙ තියෙන විස්තරත් බලලා ඔයාට පුළුවන් open your etsy shop කියන එක click කරලා ඔයාගෙ Etsy shop එක හදන්න.

2. Create a product template

මේකට register උනාට පස්සෙ ඔයාට දකින්න පුළුවන් create a product template කියලා option එකක්. මෙතනින් ගියාම ඔයාට create your first product template කියන එක click කරලා පලවෙනි product template එක හදන්න පුළුවන්. මෙතනදි ඔයාට men’s clothes , woman’s clothes , hats , collection , home & living වගේ  විවිධ වර්ගවල item දකින්න ලැබෙනවා. ඒවායින් ඔයාට කැමති වර්ගයක් තෝරලා එතනිනුත් ඔයාට කැමති product එක තෝරන්න පුළුවන්. ඊට පස්සෙ ඔයා තෝරපු product එකට අදාල ව තියෙන දේවල් පෙන්නවා. ඒ වගේම ඒවට එයාල අය කරන මිලත් එතනම පෙන්නනවා. එතනින් ඔයාට කැමති එකක් තෝරගෙන ඔයාගෙ design එක හදන්න පුළුවන්. design එක හදද්දිත් ඔයාට ගොඩක් options තියෙනවා colors තෝරන්න size තෝරන්න වගේ ගොඩක් දේවල්. මේ විදියට ඔයාට ඔයාගෙ පලවෙනි product template එක හදලා ඉවර කරන්න පුළුවන්.

3. Connect your store

product template එක හදලා ඉවර උනාට පස්සෙ ආයෙත් ඔයාගෙ dashboard එකට ආවම තියෙන connect your store යන්න click කරන්න. එහි choose your store’s platform එකෙහි ඇති choose platform යන්න click කිරීමෙන් පසු ඔයාට විවිධ platform රාශියක් දැක ගන්න පුළුවන්. ඒවා අතර Etsy ද ඔයාට දැක ගත හැකි වේ. Etsy වල පහතින් ඇති connect යන්න click කර පහසුවෙන් ඔයාට ඔයාගෙ Etsy store එක සම්බන්ධ කර ගන්න පුළුවන්. ඒකට ඔයා connect යන්න click කරලා එතකොට Etsy එකට sign වෙන්න. මේක ගොඩක් සරල දෙයක්. ඔයා මේක කලාම ඔයාගෙ listing එකත් automatically Etsy store එකට ඇඩ් වෙනවා. ඔයාට ඕනි නම් Etsy store එකට ගිහින් listing එකේ details වෙනස් කරන්න පුළුවන්.

දැන් ඔබේ product ප්‍රචාරය කරන්න තමයි ඔයාට තියෙන්නෙ. අලෙවි වන product සදහා ඔබට ඔබේ ලාභය ලැබේ. මේ විදියට ඔයාට ඉතාමත් සරලව මුදල් උපයන්න පුළුවන්.

Related Articles

Newsletters

Join to Our Newsletter

E-Learning Studies

ලොකු හීනයක් සැබෑ කරගන්න පුංචි තැනකින් විශිෂ්ටතම ඇරඹුමක් ගන්න.

Open chat
1
Greetings from E-Learning!
How may I assist You?.......