How To Use Social Media Effectively For Your Business?

social media part01-image

ලෝකය පුරා බිලියන 3කට අධික පරිශීලකයන් ප්‍රමාණයක් social media භාවිත කරනවා. ඔබේ වෙබ් අඩවියේ content වලට ද කැමති අති විශාල  ගනණක් මේ බිලියන 3කට අධික පිරිස තුල අනිවාර්යයෙන් සිටිය යුතුය. ඔවුන් විවිධ කණ්ඩායම් වශයෙන් ද සිටිය හැක. ඉතින් ඔබට ඔබේ වෙබ් අඩවියේ 

පරිශීලකයන් ප්‍රමාණය ඉහල නංවා ගැනීමට social media බොහෝ සෙයින් උදවු කර ගත හැකිබව ඔබට වැටහෙනවා ඇති. 

මේ පිරිස ඔබේ වෙබ් අඩවියට ගෙන්වා ගැනීමට භාවිත කල හැකි ඉතා සාර්ථක ක්‍රමවේදයන් ගැන අපි බලමු. මනා අවබෝදයක් ලබා ගැනීම සඳහා අපි මෙය කොටස් 3ක් යටතේ බලමු.

1. නිවැරදිව social media account එකක් හරහා web අඩවියට පරිශීලකයන් ගෙන්වා ගැනීම. 

2. පරිශීලකයන් ගෙන්වා ගැනීමට සෑම social media එකකටම පොදුවේ යොදා ගත හැකි  විශේෂ ක්‍රම

3. එක් එක් social media තුල භාවිත කල හැකි විශේෂ ක්‍රම

1.නිවැරදිව social media account හරහා web අඩවියට පරිශීලකයන් ගෙන්වා ගැනීම. 

  • social media account සදහා සුදුසු audience එකක් එකතු කර ගැනීම සහ පවත්වාගෙන යාම.

ඔබේ වෙබ් අඩවියට අදාල content follow කරන පුද්ගලයන් සොයා ඔවුන් ඔබගේ ගිණුම්වලට එක් කරගත හැක. ඒ සදහා group සහ ඔබගේ content 

වලට අදාල පෝස්ට්වලට comment කරන අය තෝරා ගත හැකිය. එමෙන්ම ඔවුන් share කරන අදාල පෝස්ට් වලට සුදුසු ලෙස comment කිරීම තුලින් 

ඔවුන්ද ඔබගේ පෝස්ට්වලට කමෙන්ට් කරනු ඇත. එය ඔබගේ පෝස්ට් වැඩි පිරිසකට දිස් වීමට හේතු වේ. මෙලෙස ඔබට ගැලපෙන පිරිසක් එකතු කර ගත 

හැකිය. 

  • සිත් ඇද ගන්නා සුලු අයුරින් ප්‍රචාරණ කටයුතු කිරීම.

* කෙලින්ම link එක ශෙයාර් නොකර සිත් ඇද ගන්නා සුලු විස්තරයක් සහ අනිවාර්යයෙන් image දැමීම තුලින් ඔබගේ වෙබ් අඩවිය සදහා පරිශීලකයන්  ගෙන්වා ගත හැක. 

* එසේ නොමැති නම් ලින්ක් එක ශෙයාර් කරන විට සුදුසු image එකක් , විස්තරයක් සහ title එකක් දිස්වන ලෙස සැකසිය හැක. මේ සදහා WordPress 

වල  නම් Yoast SEO plugins එක install කරගත හැක. එය install කල පසු ඔබ අලුත් පෝස්ට් එකක් දැමීමට ගිය විට SEO වලට අදාල පහසුකම් රාශියක් දැක ගත හැකි වේ. එහි social යන්න click කර Facebook සහ Twitter සදහා මෙලෙස title , image , description යොදා සැකසිය හැකිය.

* එමෙන්ම #tag * වැනි සංකේත යොදා ඇතැම් social media වල වචන පේලි highlight කල හැක. එලෙස කිරීමෙන් ඔබේ පෝස්ට් වෙත අන් අයගේ දෑස් යොමු වීමට වැඩි ඉඩක් පවතී.

  • පහසුවෙන් share කල හැකිවන ලෙස සෑදීම.

ඇතැම් වෙබ් article වල share on Whatsapp , share on Facebook ආදී ලෙස button තිබෙනු ඔබ දැක ඇති. ඔබේ web අඩවියෙත් පැහැදිලිව  පෙනෙන ලෙස මෙවැනි share option සැකසිය හැක. 

2.පරිශීලකයන් ගෙන්වා ගැනීමට සෑම social media එකකටම පොදුවේ යොදා ගත හැකි  විශේෂ ක්‍රම

  • ප්‍රචාරණයට සුදුසු වේලාවන් තෝරා ගැනීම.

වැඩි දෙනෙක් online සිටින අවස්ථාවල පෝස්ට් දැමීම තුලින් වැඩි පිරිසකට ඔබගේ පෝස්ට් දැක ගත හැකි වේ. බොහෝ විට රාත්‍රී කාලයේ වැඩි දෙනෙකු 

social media භාවිතා කරයි. 

  • පැහැදිලි Comments යෙදීම.

බොහෝ විට ඔබ මුලින්ම පෝස්ට් දමන විට ඔබගේ ප්‍රචාරය කිරීම් සදහා කමෙන්ට් නැති විය හැක. ඒ සදහා ඔබ මුලින්ම එක් එක් social media සදහා 

අමතර ගිණුම් කිහිපයක් වෙනත් නම් වලින් සාදා ගන්න. ( එම ගිණුම්ද ප්‍රචාරණ කටයුතු සදහා යොදා ගත හැකි වීම අමතර වාසියක්) ඔබ ප්‍රචාරණ දැන්වීම් දමා 

ඔබේ අමතර ගිණුම්වලින් පැහැදිලි කමෙන්ට් යොදන්න. මීට හේතුව කමෙන්ට් නොමැතිව තිබෙනවට වඩා කමෙන්ට් වැඩිවන තරමට පුද්ගලයන් කමෙන්ට් 

දැමීමට පෙලබීමයි. එවිට ඔබේ පෝස්ට් වැඩි දෙනෙකුට දිස් වීම නිසා වැඩි පිරිසක් වෙබ් අඩවියට පැමිණිය හැක.

  • social media වල chatbot සැකසීම.

අදවන විට බොහෝ social media තුල chat bot සැකසිය හැකි වේ. bot යනු අප කලින් දෙන ලද විධාන මාලාවකට අනුව ක්‍රියාත්මක වන program 

එකකි. සිතන්න ඔබ travailing web අඩවියක් කරන්නේ නම් යම් අයෙකු ශ්‍රී ලංකාව තුල travel කිරීමට සුදුසු තැන් ගැන chat bot එකෙන් විමසූ විට 

ඔබගේ web අඩවියේ ඒ ගැන පෝස්ට් තිබේ නම් එහි ලින්ක් එම පුද්ගලයාට send වන ලෙස සැකසිය හැක. අදවන විට බොහෝ ප්‍රසිද්ධ වෙබ් අඩවි සදහා මෙය යොදා ගනී.

  • මුදල් ගෙවා ප්‍රචාරය

සෑම social media එකකම පාහේ මෙලෙස යම් මුදලක් ගෙවා දැන්වීම් පල කල හැකිය. එමගින් දැන්වීම විශාල පිරිසකට පෙන්වීමට සලස්වයි. එමගින්ද 

ඔබගේ වෙබ් අඩවියට විශාල පිරිසක් ගෙන්වාගත හැකිය. 

  • නිතිපතා ප්‍රචාරය

නිතිපතා ප්‍රචාරය තුලින් ඔබගේ web අඩවිය ඉක්මනින් ප්‍රචාරය කර ගත හැකි බව සිතුවත් නිතර ප්‍රචාරය අන් අයට කරදරයක් විය හැක. එනිසා නිතර වෙනස් 

ලෙසකින් ප්‍රචාරය කිරීමට වග බලා ගන්න. සංඛ්‍යාලේඛණ අනුව දිනකට දැමීමට සුදුසු පෝස්ට් සංඛ්‍යාව මෙසේ ය.

Pinterest: 5 postings

Twitter: 3 postings

Facebook: 2 postings

Google+: 3 postings

Instagram: 2 postings

  • යමක් දී යමක් ගැනීම

Marketing කියන්නෙ යමක් ලබා දීම තුලින් ලබාගත යුතු දෙයක්. දැනුම , විශේෂ දීමනා , වරප්‍රසාද වැනි ඕනෑම දෙයක්. ඉතින් කෙලින්ම ලින්ක් ශෙයාර් කිරීම වෙනුවට විවිධ ප්‍රශ්න ඇසීම ( poll ) , යම් වැදගත් දෑ ලබා දීම , විශේෂ දිනවල විශේෂ වරප්‍රසාද ලබා දීම වැනි ක්‍රම හරහා ඔබේ web අඩවිය පහසුවෙන්  ප්‍රචාරය කර ගත හැකි වේ.

3. එක් එක් social media තුල භාවිත කල හැකි විශේෂ ක්‍රම

Related Articles

Newsletters

Join to Our Newsletter

E-Learning Studies

ලොකු හීනයක් සැබෑ කරගන්න පුංචි තැනකින් විශිෂ්ටතම ඇරඹුමක් ගන්න.

Open chat
1
Greetings from E-Learning!
How may I assist You?.......