Everything About Web Hosting

web hosting-image

අද අපි කතා කරන්න යන්නේ Web Hosting ගැන. 

ඉතිං අපි බලමු web hosting කියන්නේ මොකක්ද කියලා. වෙබ් හොස්ටින් සර්විස් එකක් කියලා කියන්නේ පැය 24 ම  අවුරුද්දේ දවස් තුන්සිය හැට පස් දවසෙම අන්තර්ජාලයට සම්බන්ධ පරිගණකයක අපිට ලබාදෙන ඉඩකඩ ප්රමාණයටයි. මේ පරිගණකය හදුන්වන්නේ වෙබ් සර්වර් එකක් කියලා. මේ web hosting සපයන ආයතන කරන්නේ අපිට එයාලගේ සර්වර්  එකක ඉඩ ලබා දීලා ඒ වෙනුවෙන් ඔවුන් යම් මුදලක් අපෙන් ලබාගන්නවා.

දැන් අපි බලමු කොහොමද  web hosting server එකක් වැඩ කරන්නේ කියලා. අපි වෙබ් හොස්ටින් සේවා සපයන්නන් ගෙන් ලබා ගත්ත හොස්ට් එකක් තුළ අපේ වෙබ් අඩවියට අදාල දත්ත ගොනු ගබඩා කිරීම සිදු කරනවා, ඊට පසුව යම් කෙනෙක් අපේ වෙබ් අඩවියේ නම (domain name) මගින් අපේ වෙබ් අඩවියට පැමිණීමට ඉල්ලීමක් කරන කොට අපේ host එක මගින් ඊට අදාල දත්ත ගොනු ලබාදීම සිදු කරනවා.

දැන් අපි බලමු Web Hosting එකක් ඔබට මිලදී ගන්න පුළුවන් කොහොමද සහWeb Hosting එක මිලදී ගැනීමට ප්‍රථම ඔයා සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා.

අන්තර්ජාලය තුළ Web Hosting සපයන ආයතන දහස් ගානක් ඉන්නවා. ඔබ මෙහිදී කරන්න ඕන Web Hosting සපයන ආයතනයක වෙබ් අඩවියකට පිවිසිලා ඔවුන් සපයන Web Hosting පැකේජයන් අතරින් ඔබ නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන වෙබ් අඩවියට ගැලපෙන Web Hosting පැකේජය මිලදී ගැනීමයි.

මේ වන විට ගොඩක් ප්‍රසිද්ද සහ Web Hosting මිලදී ගැනීමට සුදුසු වෙබ් අඩවි ලෙස, Namecheap, GoDaddy, Bluehost, Hostinger, A2 Hosting, SiteGround වැනි වෙබ් අඩවි හදුන්වන්න පුළුවන්. Hosting සේවාව මිලදී ගැනීමට ප්‍රථම සැලකිලිමත් වෙන්න, අදාල Web Hosting Provider Company  එක අපේ රටට Support කරනවද නැද්ද යන වග.

හරි අපි දැන් බලමු අපි Web Hosting එකක් මිලදී ගන්න කලින් මොනවගේ දේවල් පිළිබදවද සැලකිලිමත් වෙන්න ඕනද කියලා.

01. Storage – Web Hosting Provider විසින් සාමාන්‍යයෙන් 500MB සිට Unlimited Storage දක්වා ධාරිතාවය ලබා දෙනවා. නමුත් මෙහිදී Unlimited කියන term එක බාවිතා කරන්නේ ගොඩක් වෙලාවට marketing වලට. Unlimited කියල sell කරාට ගොඩක් වෙලාවට storage එක limit කරලා තමයි තියෙන්නේ. නමුත් මෙහිදී ඔවුන් ලබා දීලා තියන storage එක ඉක්මවා ඔබ බාවිතා කරත් ඔවුන් බැදී සිටිනවා එම වැඩි වෙන ධාරිතාවය ඔබට ලබාදෙන්න, මොකද ඔබ මිලදී ගත්තේ Unlimited Storage Hosting එකක් නිසා.

02. Bandwidth – Bandwidth කියල මෙහිදී හදුන්වන්නේ අදාල Web Hosting Provider විසින් මාසයක් සදහා ඔබට භාවිතා කරන්න ලබා දෙන දත්ත ගොනු ප්‍රමනයටයි (Data). මෙතනදීත් storage එකේදී වගේම විවිද ප්‍රමාණයන්ගෙන් bandwidth එක ලබා දීම සිදු කරනවා unlimited bandwidth වෙනකන්. මෙහිදීත් unlimited bandwidth කිව්වට storage වලදී වගේම යම්කිසි limit එකක් ඇතුව තමයි ඔබට ලබාදෙනු ලබන්නේ. ඉතින් මේ වගේ unlimited bandwidth තියෙන පැකේජයක් තියෙන web hosting එකක් ලබාගැනීම ඔබට පහසුයි. නැත්නම් යම්කිසි bandwidth limit එකක් තියෙන hosting එකක් මිලදී ගත්තම එම limit එක අදාල මාසය සම්පුර්ණවිමට ප්‍රථම ඉවර උනොත් ඔයාගේ වෙබ් අඩවිය බිඳ වැටීමක් සිදු වෙනවා.

03. Backups – මේ පිලිබදවත් ඔබ ගොඩක් සැලකිලිමත් විය යුතුයි. ඔබ මිලදී ගන්න Web Hosting එකේ Free Backups Available නම් ඔබ වෙබ් අඩවිය නිර්මාණය කිරිමෙදී හෝ පවත්වාගෙන යාමේදී යම්කිසි ගැටළුවක් නිසා ඔබේ වෙබ් අඩවියට අදාල දත්ත විනාශ වීමක් හෝ මැකීයමක් සිදු උනත් එම backup එක restore කිරීම මගින් ඔබගේ වෙබ් අඩවියට අදාල දත්ත නැවත ලබාගැනීමට හැකියාව ලැබෙනවා. නමුත් ඔබ ලබා ගත පැකේජයේ backups available නැත්නම් නැවතත් මුල ඉදන්ම ඔබේ වෙබ් අඩවිය නිර්මාණය කිරීමට සිදු වෙනවා. ඒ නිසා free backups available පැකේජයක්ම මිලදී ගන්න වග බලාගන්න.

04. Uptime – Server Uptime කියලා හදුන්වන්නේ server එකක් එකදිගට ක්‍රියාවිරහිත වීමකින් තොරව කියාත්මකව පවතින කාලයටයි. මෙය ගොඩක් වෙලාවට ප්‍රතිශතයක් විදියට තමයි ප්‍රකාශ කරනු ලබන්නේ. 99.99% ම ක්‍රියාකාරීව පවතින බවට සහතික වන hosting provider කෙනෙක්ගෙන් සේවාව ලබා ගැනීම සුදුසු වෙනවා.

05. Customer Feedback – සාමාන්‍යයෙන් අපි දැන් පුරුදු වෙලා තියෙනවනේ භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්න කලින් එම අදාල භාණ්ඩයට හෝ සේවාවට පාරිබෝගිකයන් ලබා දීලා තියෙන feedback කියවන්න. ඉතින් මෙතනදීත් ඔබ මිලදී ගන්න කලින් සැලකිලිමත් වෙන්න අදාල hosting service එකට දැනට ලැබිල තියෙන feedback ගැන.

මීට අමතරව මෙම ආයතනය කොතරම් කාලයක් මෙම ව්‍යාපාරයේ නිරතවෙනද කියන එක,  අදාල ආයතනයෙන් මේ වෙනකොට සේවාව ලබාගෙන තියෙන්නේ මොනවගේ ආයතනද, එම ආයතනයේ වෙබ් අඩවියේ performance එක සහ අදාල Hosting Provider ආයතනය ලබාදෙන Help & Support එක පිලිබදවත් ඔය සැලකිලිමත් වෙන්න ඕන. මොකද ඔබ මිලදී ගන්න hosting එම පිලිබදව යම් ගැටළුවක් ඇති උනාම 24hours available live chat පහසුකමක් අඩුම තරමේ ඔවුන් සේවා සපයන වෙබ් අඩවියේ අන්තර්ගත විය යුතුයි.

මීට අමතරව සාමාන්‍යයෙන් ඔබ web hosting සේවාවක් මිලදී ගන්නකොට  e-mail account හදන්න වගේ විවිද අමතර පහසුකම් සපයනවා.

දැන් අපි බලමු අපිට මිලදී ගන්න පුළුවන් Web Hosting වර්ග මොනවද කියලා

වෙබ් හොස්ටින් ප්රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ  traditional web hosting සහ cloud hosting ලෙසටයි. එයිනුත් traditional web hosting යටතට Shared Hosting, Dedicated hosting, VPS Hosting අයත් වෙනවා.

Shared Hosting

මුලින්ම අපි බලමු Shared Hosting කියන්නේ මොකක්ද කියලා.

Shared Hosting එකක් කියන්නේ එකම server එකක් කොටස් වලට බෙදලා කිහිප දෙනෙක් හවුල් කරගෙන භාවිතා කරන එකට. මේ වගේ host එකකට උදාහරණයක් තමයි ඔයාගේ PC එකේ HDD එක. Hard Dis එකේදී සිදුවෙන්නෙත් එකම hard එක partition කරලා තියෙන්නේ C , D , E , F කියලා, ඒ වගේ තමයි Shared Hosting එකත් operate වෙන්නේ.

මේවා පොදුවේ භාවිතා කරන නිසා පාරිභෝගිකයන්ට server එකේ සම්පත් වලින් යම්කිසි ප්රමාණයක් පමණයි භාවිතා කරන්න හැකියාව ලැබෙන්නේ. මෙය සාපේක්ෂව මිලෙන් අඩු නිසා බොහෝවිට සෑම දෙනාම පාහේ බාවිතා කරනු ලබන්නේ මේ Hosting වර්ගයයි.

● Dedicated Hosting

Dedicated hosting කියන්නේ තමන්ටම පමණක් වෙනමම වෙන්වූ  සම්පූර්ණ server එකක් ම ගන්න එක. මෙතනදි අපිට පුළුවන් සම්පූර්ණ server එකම පාලනය කරන්න. සාමාන්‍යයෙන් Shared Hosting එකක ඔබට භාවිතා කරන්න පුළුවන් අදාල service provider විසින් ඔබට ලබාදෙනු ලබන මෘදුකාංග විතරයි. නමුත් මෙහිදී ඔබට අවශ්‍ය ඕනෑම මෘදුකාංගයක් install කරගන්න පුළුවන් වගේම මේ වගේ Dedicated Hosting එකකින් ඔබට තවත් කුඩා ප්‍රමාණයේ hosting නිර්මාණය කරගැනීමටත් පහසුකම ලැබෙනවා. ඒ වගේම තමයි මේ Hosting එක, Shared සහ VPS Hosting එක්ක සසදනකොට ඉතා ම මිල අධිකයි.

● VPS Hosting

VPS Hosting කියන්නේ shared hosting එකක performance මදි ඒ උනාට dedicated hosting එකක් මිලදී ගැනීමට අපහසු කෙනෙක්ට මිලදී ගන්න පුළුවන් හොදම option එකක්. VPS Hosting එකකින් වෙන්නේ Data Center එකක තියන Server එකක කොටසක් එයටම වෙන් වූ මෙහෙයුම් පද්ධතියක් (OS) සහ එයටම වෙන් වූ දෘඩ තැටියක් (HDD) සහිතව ක්රියාත්මක වෙන එකයි. මෙය dedicated hosting එකකට වඩා අඩු මුදලකට මිලදී ගත හැකි අතර Dedicated Hosting එකක් තරම්ම නැති උනත් ගොඩක් හොද performance එකකින් ඔයාගෙ වෙබ් අඩවිය හෝ වෙබ් අඩවි කිහිපයක් operate කරගන්න හැකියාව ලැබෙනවා.

Cloud Hosting

Cloud එකක් කියන්නේ භෞතිකව පෙනෙන දෙයක් නෙමෙයි. අපි යම්කිසි server එකක් ගත්තොත්, ඒක dedicated server එකක් කියලා කියන්න පුලුවන් උනත්, cloud එක එහෙම පෙන්නන්න බැහැ. Cloud එකක සාමාන්යයෙන් වෙන්නේ අපේ දත්ත ලෝකයේ පුරා තිබෙන පරිගණක කිහිපයක ම ගබඩා වෙන එක.

එතකොට අපි ලෝකයේ කොහේ හිටියත් අපිට Internet එක හරහා මේ දත්ත පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා cloud hosting එක වේගවත් බවින් වැඩියි වගේම එක් Data Center එකක තියෙන දත්ත විනාශ උනත් ඔබේ වෙබ් අඩවිය ට අදාල අනිත් Data Center වල ගබඩා වෙලා තියෙන නිසා ගොඩක් ආරක්ෂාකාරී වෙනවා. ඒ වගේම මේ hosting වර්ගය dedicated hosting තරම්ම මිලෙන් වැඩි නොවුනත් සාපේක්ෂව මිලෙන් වැඩි අගයක් ගන්නවා.

හරි, මම හිතන්නේ මේ සම්පූර්ණ article එකම ඔය හරියට කියෙව්ව නම් Web Hosting ගැන දැන් ඔයාට හොද අවබෝදයක් ලැබිල තියෙන්න ඕන. ඉතින් මේ වගේම වැදගත් ලිපියකින් අපි ඉක්මනටම නැවතත් හමුවෙමු.

Share on facebook
Share on twitter
Share on linkedin

Related Articles

Newsletters

Join to Our Newsletter

E-Learning Studies

ලොකු හීනයක් සැබෑ කරගන්න පුංචි තැනකින් විශිෂ්ටතම ඇරඹුමක් ගන්න.

Open chat
1
Greetings from E-Learning!
How may I assist You?.......