Google AdSence සදහා Website එකක් හදාගන්නේ කොහොමද?

AdSense 04-image

Blogger. com හරහා නම් කෙලින්ම ගිහින් Register වෙලා අදාල පියවරයන් අනුගමනය කරන්න. Domain name එකකුත් Add කරගන්න. Free Domains භාවිතා කරන්න එපා.

Step by Step කරන හැටි youtube වල තියෙනවා.ඉස්සරහට අපි බලමු step by step website එකක් හදන හැටි.

WordPress වලින් නම් හදන්නේ Domain name එක සදහා Hosting අරගත්තම ලැබෙන Control Panel එකේ WordPress Install කරගෙන Log වෙන්නයි තියෙන්නේ. මේකත් හදන හැටි Step by Step කරන හැටි youtube channel වල තියෙනවා,

  • ඒ වගේම අපේ Web Developing / Google Adsense Courses වලදිත් අපි මුල ඉදන් සරලව කියලා දෙනවා.

හරි දැන් එතකොට අපි බලමු කොහොමද AdSense සදහා Approve ගන්නේ?

  • මේ සදහා වැදගත්ම දේ තමා Niche (category), Unique and Quality Content.

Adsense හි නීති රෙගුලාසි වලට අනුකුලව අපි මාතෘකාවක් තෝරාගෙන ඒ ගැන Website එක සැදිය යුතුයි. Copy  නොකරපු සහ ගුණාත්මක භාවයකින් යුතු ගැලපෙන දේවල් Article වල තිබිය යුතුයි. මේ වගේ Article 5-15  විතර ඕන වෙනවා, වචන 2000 – 2500 අතර articles 3,4 සමග අනිත් article එකක වචන 1000ට වැඩි නම් හොදයි. Article ලිවීමේදී English හෝ Adsense සදහා වලංගු භාෂාවක් භාවිතා කරන්න මතක තියාගන්න ( දැනට sinhala භාෂාව සදහා adsense support කරන්නේ නැත 😁), අනිවාර්යෙන්ම SEO (Search Engine Optimization) ගැන අවදානය දෙන්න ඔයා Google හරහා Website Traffic ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා නම්.

ගැලපෙන ආකාරයට keywords research එකක් කරගන්න. ඉන්පසු ඒකට ගැලපෙන ආකාරයට article ලියාගන්න. Words ප්‍රමානයත් නිවැරැදිව සොයාබලා තීරණය කරන්න.

  •  About, Contact, Privacy Policy, Terms & Conditions වගේ Pages ඇතුලත් කරන්න අනිවාර්යයෙන් මතක තියාගන්න. Privacy Policy සදහා Privacy Policy Generator Website එකක් භාවිත කල හැකි අතර Terms & Condition Page එකත් ඒ ආකාරයට generate කරගත හැක.
  •  සරල පැහැදිලි Template එකක් භාවිත කරන්න Clear Navigation සහිත, Menu Bar එහෙම හොදට Clearly තියෙන.
  •  Broken Links තියෙන්න දෙන්න එපා.
  •  Website එක හදලා ඉවර නම් Webmaster tools වලට Website එක ඇතුලත් කර Sitemap එක Submit කරන්න.
  •  දවස් 5ක් විතර ඔය ගැම්මෙන්ම ඉවසන් ඉදල AdSense වලට Apply කරන්න adsense. com හරහා. Blogger හරහා දානවට වඩා වැඩේ ලේසි වෙයි. ඉහත සියල්ල නිවැරදිව සිදු වුනා නම් බොහෝ විට ඔබේ ගිණුම දින  2-10 ඇතුලත Approve  වෙයි.

Related Articles

Newsletters

Join to Our Newsletter

E-Learning Studies

ලොකු හීනයක් සැබෑ කරගන්න පුංචි තැනකින් විශිෂ්ටතම ඇරඹුමක් ගන්න.

Open chat
1
Greetings from E-Learning!
How may I assist You?.......