මොකක්ද මේ Pinterest කියන්නේ ?…….

Pinterest

Pinterest කියන්නෙ Image Hosting and Sharing Platform එකක්. හැබැයි මේක නිකන්ම Image Host කරන Share කරන තැනක්ම නෙවෙයි. මේක ව්‍යාපාරිකයන්ට, Web අඩවි පවත්වාගෙන යන අයට වගේ බොහෝ දෙනෙකුට ඉතාමත් වටිනා Platform එකක්. 2010 වර්ශයේදී ආරම්භ කරපු මේ Pinterest මේ වන විට ලොව පුරා මිලියන ගණනක් පිරිසකගේ හදවත දිනා ගත් වෙබ් අඩවියක්. එය මේ වන විට ලොව සියලුම category අතරින් ප්‍රසිද්ධම වෙබ් අඩවි අතර 28 වන ස්ථානය හිමි කර ගෙන තිබෙනවා. අපි බලමු මේ සම්බන්ධ වැඩිදුර කරුණු, මෙයින් ගත හැකි ප්‍රයෝජන මෙන්ම නිවැරදිව භාවිතා කිරීමට විශේෂ ක්‍රම ගැනත්.

Pinterest භාවිතයෙන් කල හැක්කේ මොනවාද ?

Pinterest හි account වර්ග දෙකක් තිබෙනවා. ඒ Personal Account සහ Business Account. ඔයා මුලින්ම Pinterest හි Account එකක් සෑදූ විට එය Personal Account එකක් ලෙස නිර්මාණය වුවත් පසුව Business Account එකක් ලෙස මාරු කර ගැනීමේ හැකියාව පවතිනවා. Business Account එකකින් ඔයාට Personal Account එකකට වඩා Features රැසක් ලබා ගැනීමේ හැකියාව පවතින අතර

~ Analytics
~ Ads Manager
~ Audience Insights
~ Conversion Insights

වැනි Features ඒ අතර වෙනවා.

Pinterest හි ඔයාට විවිධ Category තෝරා ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයාගෙ අරමුණට ගැලපෙන හොද Category තෝරා ගන්න. ඉන්පසු ගිණුම සැකසීමෙන් අනතුරුව ඔයාට පුළුවන් Board Create කරන්න සහ Pins ඇතුලත් කරන්න. මේ Board කියන්නෙ Facebook හි ඇල්බම් වගේ දෙයක්. ඒ වගේම Pins කියන්නෙ Facebookහි Post වගේ දෙයක්. හැබැයි මේ දේවල් ඊට වඩා බොහෝ සෙයින්ම වෙනස් වගේම ඒවාගෙන් බොහෝ ප්‍රයෝජන අත් කර ගන්න පුළුවන්

Pinterest භාවිතයෙන් ලබා ගත හැකි වාසි මොනවාද?

Pinterest කියන්නෙ අපේ Web අඩවියකට Traffic ගෙන්න ගන්න, You tube Channel එකකට Visitors ලා ගන්න වගේම විවිධ Product Sell කර ගන්නත් ගොඩක් හොද තැනක්. ඉතින් මේ දේවල් වලට Pinterest තුල භාවිතා කල හැකි Tricks, Tips එහෙමත් ගොඩක් තියෙනවා. දැන් අපි මේ Pinterest හි Statics කිහිපයක් තුලින් අපිට ලබා ගත හැකි දේවල් ගැන බලමු.

Pinterest හි මාසයක් තුල Active Users ලා මිලියන 450 කට අධික පිරිසක් සිටිනවා. ඉතින් මෙපමණ පිරිසක් අතරෙ විවිධාකාර අදහස් දරන විවිධාකාර දේවල් හඹායන අය සිටිනවා. ඉතින් මේ අතරෙ අනිවාර්යයෙන් ම ඔයාගෙ web site එකට, YouTube channel එකට නැත්නම් ඔයා බලාපොරොත්තු වෙන ඕනම Category එකකට කැමති පිරිසක් සිටිනවා. ඔයාට පුළුවන් මේ Pinterest භාවිතයෙන් මේ පිරිස ඔයාගෙ අරමුණට ගෙන්න ගන්න. ( වෙබ් අඩවියට , YouTube චැනලයට හෝ ව්‍යාපාරයට වැනි ඕනෑම දෙයකට )

ඉතින් ඒ ඒගේම මේ Pinterest හි සිටින පිරිස අතරින් 50% පමණ USA හි අය වෙනවා. ඔයා අනිවාර්යයෙන් දන්නවා ඇති Web අඩවියකට YouTube Channel එකකට US හි Traffic එකකින් ඇති ප්‍රයෝජනය . ඒ වගේම මේ පිරිස අතරින් 80% ක් පමණ මවුවරුන් වෙනවා. ඉතින් මවුවරුන් සම්බන්ධ වෙබ් සයිට්, YouTube channel කරනවා නම්, නැත්නම් ඒ සම්බන්ධ Product Sell කරනවා නම් මේක තවත් වටිනා අවස්ථාවක්. ඒ වගේම මේ Statics වලින් අපිට ගන්න පුළුවන් තවත් වටිනා දෙයක් තමයි, අපිට පුළුවන් US හි හවස් කාලයෙහි අපේ Pins දාන්න වැනි කටයුතුවලට යොදා ගන්න. මොකද ඒ කාලයේදී ගොඩක් දෙනෙක් මේ Pinterest හි Active වෙන නිසා.

ඊලගට සම්පූර්ණ Pinterest හි සිටින පිරිස අතරින් 60%ක් පමණ කාන්තාවන් බව මතක තබා යුතුයි. ඉතින් කාන්තාවන් සම්බන්ධ දේවල් ප්‍රචාරය කර ගන්නත් Pinterest ඉතාමත් හොද බව ඔබට මෙමගින් වැටහෙන්නට ඇති.

මේ Pinterest හි ඇති Image Google Image තුල ද ඉහලින්ම පෙන්වනවා. ඒ හරහා ද ඔබේ වෙබ් අඩවියට ඉතාමත් හොද Traffic එකක් ගෙන්වා ගැනීමට පුළුවන්.

Pinterest හි වැඩිදුර සාර්ථකත්වයට කල හැකි දේවල් මොනවාද?

  1. Daily Pins යෙදීම.

මෙහි දිනපතා Pins යෙදීම තුලින් ඔබේ Reach එක වැඩි කර ගත හැකිය. Pins යෙදීම අඩුවන විට Reach අඩු විය හැකිය. සාමාන්‍යයෙන් දිනකට Pins 15 – 20 දක්වා ප්‍රමාණයක් යෙදීම සුදුසුයි. ඔබට මෙහි Video ද Upload කිරීමේ හැකියාව ඇත.

  1. Repin කිරීම.

Repin කියන්නෙ වෙනත් අය යෙදූ Pin එකතු කර නැවත ඔබේ ගිණුමේ Pin කිරීමයි. එසේ Pin යෙදීමේදී ඒ Pins අතරට ඔබේ Pin ද යෙදීමෙත් ඔබේ Pin සදහා ඇති impression වැඩි කර ගැනීමේ හැකියාව ඇත. මෙසේ අන් අයගේ Pin යෙදීම තුලින් ඇතැම් විට ඔවුන් ද ඔබේ ගිණුමට පැමිණ ඔබව Follow කිරීමේ හැකියාව මෙන්ම ඔබේ Pins නැරඹීමේ හැකියාව ද පවතී. එය තවත් වාසියකි.

  1. Use SEO tags

ඔයා Pin යෙදීමේ දී Title සහ Description එකතු කල යුතුයි. එහි දී ඔබට හොදින් SEO වන Title එකක් යෙදිය හැකිය. එසේම ඔබට Description එකට Tags, keyboard යෙදීමේ හැකියාව ද පවතිනවා. එහිදී #tags1, #tags2 යනාදී ලෙස ගැලපෙන Tags ඔබේ Description එකට පහලින් යොදන්න පුළුවන්.

ඉතින් ඔයාට Pinterest ගැන හොද අවබෝධයක් මෙයින් ලැබෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. මේ කරුණු මෙන්ම තවත් කරුණු සොයා බලා හොද Pinterest ගිනුමක් පවත්වා ගෙන යාම තුලින් ඔබට විශාල සාර්ථකත්වයකට මග පාදා ගත හැකි වන බවද සිහි තබාගෙන කටයුතු කරන්න.

ස්තුතියි!..

Related Articles

Newsletters

Join to Our Newsletter

E-Learning Studies

ලොකු හීනයක් සැබෑ කරගන්න පුංචි තැනකින් විශිෂ්ටතම ඇරඹුමක් ගන්න.

Open chat
1
Greetings from E-Learning!
How may I assist You?.......