web අඩවි තුල Dropshipping සහ Drop Servicing සිදු කරන ආකාරය

පලමු කොටසේදී අප මේ සදහා අවශ්‍ය මූලික දැනුම ලබා ගත්තනෙ. මෙහිදී Dropshipping & Drop servicing විවිධ වෙබ් අඩවි හරහා සිදු කරන ආකාරය විමසා බලමු. එමෙන්ම සදහන් කල යුතු තවත් වැදගත් කරුණක් නම් ඔබගේDropshipping සහ drop servicing ගිණුම් නිවැරදිව පැහැදිලිව සකසා ගැනීම වැදගත් වේ. එක් එක් වෙබ් අඩවිවල විවිධ option ඇති නිසා ඒවාහි වැඩ කිරීමට ප්‍රථම ඒ ඒ web අඩවි ගැන හැකිතාක් තොරතුරු සොයා බැලීම සුදුසු වේ.

eBay Dropshipping 

Dropshipping වලදී ලෝකයේ බොහෝ දෙනා භාණ්ඩ අලෙවිය සදහා භාවිත කරන web අඩවියක් ලෙස ebay හදුන්වනවා දිය හැක. Ebay සදහා වැඩි වශයෙන් පැමිනෙන්නේ ඇමෙරිකාව වැනි යුරෝපීය රටවල පිරිස් වේ. එමෙන්ම භාණ්ඩ මිල දී ගැනීම සදහා අපට යුරෝපීයයන් වැඩිය භාවිත නොකරන aliexpress භාවිත කල හැකිය. මෙහි භාණ්ඩවල මිල ගණන් ඉතා අඩු වේ. 

Dropshipping සදහා ebay account එකක් සෑදීමේදී මුලින්ම buying account එකක් සෑදිය යුතු ය. ඉන්පසු එහි positive feedback 4ක් 5ක් පමණ ලබා ගැනීමට කටයුතු කල යුතුය. positive feedback ලබා ගැනීමට ක්‍රම 2ක් පවතී.

1 . භාණ්ඩ මිල දී ගැනීම.

2 . භාණ්ඩ සදහා bid කිරීම.

ඒ සදහා ඔබට යම් මුදලක් වැය වේ. මෙසේ positive feedback ලද පසු අපගේ buying account එක selling account වෙත මාරු කල ගත යුතු වේ. positive feedback නැතිව selling account බවට හැරවිය හැකි වුවත් එවිට account එක ban වීමේ අවදානමක් පවතී. මෙලෙස selling account එකක් බවට පත් කර ගැනීමට profile icon එක click කර account setting > personal info > business info හරහා ගොස් account type යන්නට ඉදිරියෙන් ඇති edit යන්න තුලින් හැකි වේ.  ඉන්පසු ඔබ ebay selling සදහා සූදානම්. දැන් ඔබට sell කිරීමට listing එකතු කල හැක. භාණ්ඩ සෙවීමට ඔබට aliexpress භාවිත කල හැක.

note :

මෙලෙස වෙනත් market එකකින් සිල්ලර මිලට අලෙවිවන භාණ්ඩවලින් Dropshipping කිරීමට ebay එකග නොවුනත් බොහෝ දෙනා මෙය සිදුකරයි. එසේම බොහොම ඉවසීමෙන්, පරිස්සමෙන් මෙය සිදු කල යුතුය. ( https://www.ebay.com/…/setting-postage…/drop-shipping… )

මෙලෙස ගැලපෙන භාණ්ඩ තෝරා ගන්නා ආකරය මීට පෙර කතා කලෙමු. භාණ්ඩයක් තෝරාගෙන ebay හි sell යන්න click කර ඔබට listing එක සෑදිය හැකි වේ. මෙහිදී ඔබට විවිධ option රාශියක් දැක ගත හැකි අතර ඒවා එකින් එක මෙහිදී විස්තර කිරීම අපහසු ය. එනිසා ඔබට ඒවා කියවා බලා තේරුම් ගත නොහැකි නම් youtube හරහා ඒ ගැන දැන ගත හැකි වේ.

Other Dropshiping Platforms

Dropshiping සදහා ඔබට හැකි නම් ඔබටම web අඩවියක් හෝ blog එකක් සාදා සිදු කල හැක. Ebay වැනි e-commorce platform භාවිත කිරීමට හේතුව නම් ඒවාගෙ buyersලා සිටීමයි. ඔබ වෙබ් අඩවියක් සකසන්නේ නම් ඔබට එය market කිරීමට වැඩි වෙහෙසක් දැරිය යුතු වේ. hosting , domain ගැනීමට development වලට වියදමක් දැරීමටද සිදු වේ. නමුත් web අඩවියේ දැන්වීම් පල කර තවත් අමතර මුදල් සෙවිය හැක. කෙසේ හෝ මුලින්ම ආරම්භ කිරීමේදී මෙලෙස වියදම් නොකර ebay වැනි platform එකක ආරම්භ කර අත්දැකීම් ලද පසු ඔබගේම store එකක් සකසා ගැනීම සුදුසු ය . Shopify හරහාද ඔබටම Dropshiping store එකක් සැකසිය හැකිය. මේ සදහා මුදලක් වැය කල යුතු නමුත් පුහුණු වීම සදහා නොමිලේ කාලයක් ලබා දේ. එනිසා එයින් ඔබට store එකක් සැකසීමට පුහුණු විය හැකි වේ. නමුත් WordPress හරහා මෙය සිදු කර ගැනීමේදී මාස්පතා ඔබට වෙනත් කිසිදු මුදලක් ගෙවීමට සිදු නොවේ.

Drop Servicing

මේ සදහා ඔබ Freelancing web අඩවි ගැන ගවේෂණය කල යුතු වේ, නැතිනම් මේ සදහාද ඔබ විසින් ඔබටම අවේනික ලෙස වෙබ් අඩවියක් පවත්වාගෙන යා හැක. Dropshiping වලදී මෙන්ම හොද trending service තෝරා වැඩි මිලට අලෙවිවන web අඩවිවලින් projects ගෙන අඩුවෙන් අලෙවිවන web අඩවියකින් කරවාගෙන ලබා දී profit එකක් තබා ගත හැකිය. නැතිනම් local service provider කෙනෙක්ගෙන් Service එක ලබාගෙන අලෙවි කල හැකිය.

දැන් අපි බලමු freelancing වෙබ් අඩවි කිහිපයක් කිහිපයක් ගැන,

  • fiver
  • freelancer
  •  upwork
  • peopleperhour

තවත් මෙවැනි freelancing web අඩවි විශාල ප්‍රමානයක් අන්තර්ජාලය තුල පවතී. ඔබට ඒවා සොයා බලා තෝරා ගත හැකිය.

Bonus Tips for Dropshipping & Drop servicing 

1 . Choose a Niche store

Stores සාමාන්‍යයෙන් අපට genaral සහ niche ලෙස වර්ග 2කකට බෙදිය හැකි වේ. general store යනු සෑම වර්ගයකටම අයත් භාන්ඩ ඇති store වේ. උදාහරණයක් ලෙස pet shop එකක බල්ලන් , පූසන් , කුරුල්ලන් , මාලුන් වැනි විවිධාකාර සතුන් අලෙවි කරන්නේ නම් එය general store එකක් වේ. තවත් store එකක බල්ලන් පමනක් අලෙවි වන්නේ නම් එය niche store එකක් යැයි සැලකිය හැක. එසේ යම් විශේෂ කාණ්ඩයකට අයත් භාණ්ඩ අලෙවි කරන store , niche store වේ. සිතන්න කාට හෝ බල්ලෙක් ගැනීමට අවශ්‍ය වුවහොත් ඔහු වඩාත් පෙලබෙන්නේ niche store එකට යාමටයි. ඒ ඔහුට අවශ්‍ය දෑ පමණක් එහි තිබෙන නිසාවෙනි. Dropshiping වලදීද මෙසේ niche store එකක් පවත්වාගෙන යාමෙන් ඔබේ niche එකට අදාල පාරිභෝගිකයන් ගෙන්වා ගත හැකිය. එසේම ඔබ Dropshiping කරන අයෙකු බවට එවිට අන් අයට හදුනා ගැනීම අපහසු වේ.

2 . අවම item 10 ක් වත් list කරන්න.

ඔබගේ store එක තුල අවම item 10ක් වත් දමන්න. එවිට යමෙකු ඔබගේ store එකට පැමිණි විට තෝරා ගැනීමට තරමක කාලයක් ගත කරන් බැවින් යමක් තෝරා ගැනීමටද පෙලඹිය හැකිය.

3. භාණ්ඩයේ මිල

ඔබ භාණ්ඩයේ මිල යෙදීමේදී 20$ක් ලෙස නියම කිරීමට සිතන්නේ නම් 20$ වෙනුවට 19.99$ ලෙස යෙදිය හැක. 10$ ක් නම් 9.99$ යෙදිය හැක. මෙලෙස මිල ලකුනු කරනු ඔබ කොතෙකුත් දැක ඇති. මෙහි දී සිදු වන්නේ සරල මනස හැක් කිරීමක් ලෙසද කිව හැකිය. ( social engineering ) මෙහිදී 20$ ට යොදනවාට වඩා 19.99$ යෙදූ විට පාරිභෝගිකයන්ට මෙය තරමක් මිල අඩු ලෙස දිස් වේ. ඇත්තෙන්ම ඉතාමත් සුලු අඩු වීමක් පමණක් වුවත් මෙය මිනිස් මනසට හොදටම දැනෙන දෙයකි. එනිසාම බොහෝ ආයතන මෙම ක්‍රමය භාවිත කරයි.

4 . Marketing සදහා social meadia භාවිත කරන්න.

Dropshiping item market කිරීම සදහා බොහෝ දෙනෙකු භාවිත කරන ක්‍රමයක් ලෙස Facebook ad පෙන්වා දිය හැකිය. නමුත් මෙයට යම් මුදලක් වැය කල යුතු වේ. ෆේස්බුක් ඇඩ්වල ඇති වාසිය නම් ඔබේ item එක සම්බන්ධ category එක සම්බන්ධයෙන් interesting පුද්ගලයන් සදහා එය පෙන්වීමයි. එනිසා එමගින් භාණ්ඩ අලෙවි වීමේ වැඩි ප්‍රවණතාවයක් පවතී. මීට අමතරව Marketing සදහා යොදාගත හැකි Social Media Networks රාශියක් ඇත.

5 . උනන්දුවෙන් පවත්වා ගෙන යන්න.

පවත්වා ගෙන යාම යනු listing ඇඩ් කර එයට පාරිභෝගිකයන් සෙවීම පමණක් නොවේ. නිතර market එක ගැන අවදානයෙන් සිටිමින් trending item තෝරා පරීක්ෂා කරන්න. එමෙන්ම ඔබගේ Dropshiping account පිලිවෙලට ආකර්ෂණීය අයුරින් පවත්වා ගන්න. බොහෝ විට e-money සෙවීමේදී කට්ටිය කරන වරද නම් ටික දිනක් මහන්සි වී මුදල් නොලැබෙන විට එය නතර කිරීමයි. නමුත් ඔබ අන්තර්ජාලය ඔස්සේ මුදල් සෙවීමේදී එක්වරම මුදල් සෙවිය නොහැක. පියවරෙන් පියවර ඔබ ඉදිරියට යා යුතු වේ. ඉදිරියට යන විට ඔබගේ earning ද ඉහල යනු ඇත. එනිසා දිගටම උනන්දුවෙන් කරගෙන යන්න.

Related Articles

Newsletters

Join to Our Newsletter

E-Learning Studies

ලොකු හීනයක් සැබෑ කරගන්න පුංචි තැනකින් විශිෂ්ටතම ඇරඹුමක් ගන්න.

Open chat
1
Greetings from E-Learning!
How may I assist You?.......