Social Media Marketing වල වැදගත්කම

social media marketing-image

Social media marketing වල වැදගත්කම ඔබ දන්නවද? 

  • 2021 ජනවාරි වෙනකොට ලංකාවේ Internet බාවිතා කරන ප්‍රමාණය මිලියන 10.1ක්
  • 2020 ජනවාරි වෙනකොට ක්‍රියාකාරී Social media users මිලියන 6.4 ක්
  • 2020 ජනවාරි වෙනකොට දුරකත සබදතා ප්‍රමාණය මිලියන 31.8 ක් (ජනගහනයම මිලියන 21.4යි)

අද වෙනකොට ලංකාවත් වේගයෙන් අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය භාවිතයට හුරු වෙමින් යනවා.මේ තත්වේ කොච්චර ප්‍රබලද කියන එක මන් අමුතුවෙන් ඔයාලට කියන්න ඕනි නෑ.අද රටේ ජනාධිපති තීරණය වෙන්නෙත් සමාජ ජාල වලින්.හුගක් තරුණ පරම්පරාව තම කාලය ගෙවා දමන්නේ සමාජ මාධ්‍ය ඇසුරේ.

හරි අපි බලමු අද දවස වන විට ජනප්‍රියම Social Media Marketing Platforms මොනවද කියලා

  • Facebook
  • Instagram
  • Pinterest
  • YouTube
  • Twitter
  • LinkedIn
  • Snapchat
  • Tiktok, platforms තමයි අද වනවිට ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ .

ඉතින් මේ නිසා ව්‍යාපාර ප්‍රවර්ධනයට,භාණ්ඩ හා සේවා සැපයීමට හොද තෝතැන්නක් වෙලා තියනවා මේක. අද වෙනකොට ගොඩක් ලොකු company තමන්ගේ marketing වලට සෝෂල් මිඩියා භාවිතා කරනවා.

social media marketing වල වාසි ගොඩක් තියනවා

  • මහා ලොකු වියදමක් යන්නේ නෑ.(සත පහක් වියදම් නොකර උනත් කරන්න පුලුවන්) – (Cost Effective)
  • නියම කෙනා ගාවටම පණිවිඩේ අරන් යන්න පුලුවන්(TV එකේ ad එකක් දැම්මොත් කොල්ලයි බල්ලයි ඔක්කොම බලනවා මේකෙදි කොල්ලව ඕනි නම් කොල්ලව බල්ලව ඕනි නම් බල්ලව target කරන්න පුලුවන්) – (Can achieve your target audience)
  • ඉතා විශාල පිරිසකට ඉක්මනටම ලගා වෙන්න පුලුවන් (Large number of people can be reached quickly)
  • සන්නාම පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීම (Brand Awareness Improvement
  • වෙළඳ නාමයේ පක්ෂපාතිත්වය වැඩි දියුණු කිරීම (Improved brand loyalty)
  • වැඩි වෙළඳ නාම අධිකාරියක් ලබා ගත හැක (More brand authority)
  • ඔයාගේ පාරිබෝගිකයා එක්ක හොද සම්බන්ධයක් ගොඩනගාගන්න පුලුවන් (You can build a good relationship with your customer)
  • SEO ශ්‍රේණිගත කිරීම් වැඩි දියුණු කිරීම (Enhanced SEO rankings)

වැඩිය ඕනි නෑ අද දවස ඇතුලත දැක්ක පෝස්ටර්,කටවුට්,හෑන්ඩ් බිල් දහයක් කියන්න පුලුවන්ද? අද දවසේ දැක්ක FB post දහයක් ඇහුවොත්? එකෙන්ම තේරෙනවනේ social media marketing වලත් Facebook platform එකට ලොකු වටිනාකමක් තියෙනවා කියලා.

Related Articles

Newsletters

Join to Our Newsletter

E-Learning Studies

ලොකු හීනයක් සැබෑ කරගන්න පුංචි තැනකින් විශිෂ්ටතම ඇරඹුමක් ගන්න.

Open chat
1
Greetings from E-Learning!
How may I assist You?.......