Reddit සහ එමගින් ඔබට ලගා ගත හැකි වාසි කිහිපයක්…

Importance of Reddit

අපි කවුරුත් එක එක විදියෙ Social Media භාවිතා කරනවනෙ. ඒ වගේම මේ Reddit කියන්නෙත් එක්තරා විදියක Social Media එකක්. හැබැයි විවිධාකාර කරුණු රාශියක් නිසා මේ Reddit අනෙකුත් Social Media අතරින් විශේෂ වෙනවා. මේ ඇතැම් විශේෂතා නිසා අපිට මේ තුලින් විවිධාකාර වාසි රැසක් අත් කර ගැනීමේ හැකියාවත් පවතිනවා. මේ Reddit වල ඉන්න Usersලව විශේෂ නමකින් හදුන්වනවා. ඒ තමයි Redditors ලා. Reddit මේ වන විට ලෝකයේ වෙබ් අඩවි අතරින් Alexa Rank 19 වන ස්ථානයට සිටින Social Media එකක් වීම තවත් විශේෂත්වයක්.

Reddit හරහා ලබාගත හැකි වාසි.

මේ Reddit වල තියෙන Features ගැන බලන්න කලින් අපි බලමු මේක භාවිතා කරලා අපිට ගන්න පුළුවන් වාසි මොනවද කියලා.

01. Marketing සදහා

Reddit වලින් අපිට ගන්න පුළුවන් ප්‍රධානම වාසිය තමයි අපේ ගොඩක් දේවල් මේ හරහා Market කරගන්න පුළුවන් වීම. ඒ අතරින් Digital World එක සම්බන්ධ දේවල් ප්‍රධාන වෙනවා. අනික මේකෙ විශේෂත්වය තමයි මේකෙන් අපිට ලේසියෙන්ම පිටරටවල ඕඩියන්ස් එකක් හදාගන්න පුළුවන් වෙන එක. අපි බලමු ඇයි Reddit Marketing සදහා සුදුසු වෙන්නෙ කියලා. Reddit හි දිනකට මිලියන 52 කට අධික Active Users ලා ප්‍රමාණයක් සිටිනවා. මෙම ප්‍රමාණය මාසයකදි ගතහොත් මිලියන 430කට අධික වෙනවා. ඒ වගේම USA හි 7වෙනි ප්‍රසිද්ධම Social Media Platform එකවන මෙය, USA හි 25% ක් පමණ වැඩිහිටි පිරිස භාවිතා කරනවා.

මේ කරුණු තුලින් Reddit marketing සදහා කොපමණ සුදුසුද යන්න ඔබට වැටහෙන්නට ඇති. උදාහරණ ලෙස ඔයාට පුළුවන් ඔයාගෙ YouTube Channel එකකට USA, Canada, Russia වගේ රටවලින් හොද Visitorsලා ප්‍රමාණයක්, හොද Audience එකක් හදාගන්න. එහෙමත් නැත්නම් ඔයාට ඔයාගෙ Web Site එකකට ගොඩක් ලොකු Traffic එකක් උනත් මේ Redditi හරහා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. නිකමට හිතන්න Reddit වගේ විශාල Users ලා ඉන්න තැනකින් ඔයාගෙ Web Site එකකට Traffic එද්දි කොහොමද. ඔයාට අනිවාර්යයෙන් මේ හරහා විශාල සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මෙමගින් Facebook, Twitter වැනි අනෙකුත් Social Media Platform වලට වඩා වැඩි visitorsලා ප්‍රමාණයක් ඔබේ web අඩවියට හෝ YouTube චැනලයට ලබා ගන්න පුළුවන්.

02. නව සම්බන්ධතා ගොඩ නගා ගැනීමට.

විවිධාකාර සම්බන්ධතාවලින් අපගේ ජීවිතේට තියෙන ප්‍රයෝජනට ඉතාමත් විශාලයි. ඒ ගැන මෙතන සදහන් කරන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. ඔයාට පුළුවන් Reddit හරහා විවිධ රටවල පුද්ගලයන් සමග සම්බන්ධතා ගොඩ නගා ගන්න. මිතුදම් වෙන්න පුළුවන්. නැත්නම් ව්‍යාපාර සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, නැත්නම් අධ්‍යාපනික වශයෙන් වැදගත් අය වෙන්න පුළුවන් මේ වගේ ඕනෑම විදියක පුද්ගලයන් සමග සම්බන්ධතා ඇති කර ගැනීමට Reddit කියන්නෙ ඉතාමත් හොද Social Media Platform එකක්. අනෙත් දේ තමයි Reddit හැමෝටම භාවිතා කරන්න බෑ. ඒකට ඉවසීම වගේම මනා හැසිරීමකුත් තිබිය යුතුයි. ඒ ඇයි කියලා ඉදිරියට කතා කරමු. මේ හේතුව නිසාම මෙහි සිටින බොහෝ දෙනා වැදගත් පුද්ගලයන් වෙනවා.

03. විවිධ ප්‍රශ්නවලට පිලිතුරු ලබා ගැනීමට

Reddit හරහා ඔබට ඔබේ විවිධාකාර ප්‍රශ්න වලට පිලිතුරු සොයා ගැනීමේ හැකියාව පවතිනවා. අධ්‍යාපනික, ව්‍යාපාරික ආදී ඕනෑම ආකාරයක ප්‍රශ්නවලට පිලිතුරු Reddit තුලින් සොයා ගැනීමට හැකියි.

ඉහත සදහන් කලේ Reddit භාවිතා කිරීම තුලින් අපිට ලබා ගත හැකි ප්‍රධානම වාසි කිහිපයක්. මීට අමතරවත් තව ලොකු කුඩා විවිධාකාර වාසි රැසක් මේ තුලින් ලබා ගන්න පුළුවන්.

Reddit හි ඇති විවිධාකාර Features

01. Karma

Reddit හි තිබෙන විශේෂම දෙයක් තමයි karma කියන්නෙ. Reddit හි වන සෑම දේකටම මේ Karma බලපානවා. මේ karma ලැබීම හෝ අහිමි වීම තීරණය වෙන්නෙ අපි Reddit හි හැසිරෙන ආකාරය අනුවයි. Reddit හි තිබෙන Post වලට Comment වලට Upvote කිරීමෙන්, අපේ Post වලට ලැබෙන Upvote සහ Comment වලින් යනාදී විවිධාකාර දේවල් වලින් අපිට මේ Karma ලැබෙනවා. ඒ වගේම අපිව Report උනොත් අපේ Karma අඩු වෙනවා. ඔයා Reddit ඇතුලෙදි මොන වගේ පුද්ගලයෙක්ද කියලා තීරණය වෙන්නෙ ඔයාට තියෙන Karma ප්‍රමාණය මත.

02. Sub Reddits

Reddit තුල ඇති Groups හදුන්වන්නේ Sub Reddit යන නමින්. මේ වන විට Reddit තුල මිලියන 2.8 කට වඩා වැඩි Sub Reddit ප්‍රමාණයක් තිබෙනවා. මේ Sub Reddit ඉතාමත් විශේෂයි. Sub Reddit වලත් විශේෂ නීති මාලාවක් තිබෙනවා. ඔයාට Reddit හි Register වුනු සැනින් මේ Sub Reddit වල Post දැමීමේ හැකියාවකුත් නැහැ. ඒ සදහා ඔයා ටික කාලයක් සිටිය යුතුයි. ඒ කාලය ඇතුලට ඔයා ඔයාට හැකි ලෙසින් Karma රැස් කර ගත යුතුයි. ඒ වගේම විවිධ Sub Reddit තුල Post දැමීමට නම් යම් කිසි Karma ප්‍රමාණයක් ඔබ සතු වීම අනිවාර්යයි.

මෙම Sub Reddits විශාල ඒවා මෙන්ම කුඩා ඒවා ද පවතිනවා. ගොඩක් විශාල Sub Reddits පාලනය කරන්නෙ Botලා විසිනුයි. ඔබට උනත් Reddit හි Sub Reddit සෑදීමට පුළුවන්. කෙසේ හෝ මේ Sub Reddit භාවිතයෙන් ඉහල සදහන් කල ආකාරයේ වාසි අත් කර ගන්න පුළුවන්.

සාර්ථකත්වය අත් පත් කර ගැනීමට බලාපොරොත්තු වෙන අයෙකුට Reddit කියන්නෙ ඉතාමත් ප්‍රයෝජනවත් Platform එකක් බව ඔබට වැටහෙන්නට ඇති. ශ්‍රී ලංකාව තුල එතරම් ප්‍රසිද්ධ නොවුනත් ලොව පුරා රටවල් 200 කට අධික ප්‍රමාණයක් තුල විසිරී ඇති මෙම Reddit මගින් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය ගැනීමට කටයුතු කරන්න කියලා මෙම Artcile එක කියවන ඔයාලා හැමෝටම මම ආරාධනා කරනවා.

ස්තුතියි!…

Share on facebook
Share on twitter
Share on linkedin

Related Articles

Newsletters

Join to Our Newsletter

E-Learning Studies

ලොකු හීනයක් සැබෑ කරගන්න පුංචි තැනකින් විශිෂ්ටතම ඇරඹුමක් ගන්න.

Open chat
1
Greetings from E-Learning!
How may I assist You?.......