Linkedin සහ එහි වැදගත්කම

linkedin-image

අපි කවුරුත් විවිධාකාරයේ social media භාවිත කරනවනෙ. Linkedin කියන්නෙත් ඒ වගේම social media එකක්. විවිධ Social media භාවිත කරන අය භාවිත කරන social media එක අනුව විවිධ අරමුණු තියෙනවා. උදාහරණ විදියට විනෝදාස්වාදය , සමාජ සම්බන්ධතා වර්ධනය වගේ අරමුණු පෙන්වා දෙන්න පුළුවන්. හැබැයි Linkedin භාවිත කරන්නන්ගේ අරමුණ මේ හැම අරමුණකටම වඩා වෙනස් වගේම ඉතාමත් විශේෂයි. linkedin භාවිත කරන්නේ විවිධාකාර ව්‍යාපාරික අරමුණු සදහා වීම විශේෂත්වයක්. ඉතින් Linkedin, සාර්ථකත්වය ලගා කර ගත් සහ සාර්ථකත්වය අපේක්ෂා කරන පුද්ගලයන්ගේ එකතුවක් ලෙස පෙන්වා දෙන්නට පුළුවන්. මේ Linkedin ගැන සහ ව්‍යාපාරයකට ඇති වැදගත්මත් අපි බලමු.

Linkedin සමග එකතුවන්නේ කෙසේද?

Linkedin හි web අඩවිය වන linkedin.com තුලින් ඔබට මෙයට Register වෙන්න පුළුවන්. එමෙන්ම Android , IOS වැනි device සදහාද Play Store , App Store තුලින් Mobile app එක install කරගෙන ඔයාට මේකට එකතු වෙන්න පුළුවන්. Linkedin සදහා Register වීමට ඔබට අවශ්‍ය වන්නේ Email account එකක් සහ ජායාරූපයක් පමණයි. එකතු වීමෙන් පසු අනෙක් අවශ්‍ය විස්තර පහසුවෙන් ඔබට ගිණුමට එකතු කරන්න පුළුවන්. එලෙස එකතු කිරීමට අවශ්‍ය විස්තර ඉදිරියට බලමු.

Linkedin මගින් ව්‍යාපාරයකට හා තමාට ගත හැකි වාසි

ලොව පුරා මිලියන 740 කට අධික පිරිසක් මෙම Linkedin හි එකතු වී සිටිනවා. ඒ අතර ලක්ෂ 10 කට අධික ශ්‍රී ලාංකිකයන් ද සිටීම විශේෂත්වයක්. ව්‍යාපාරිකයන්, ගැණුම් කරුවන් සමග සම්බන්ධ වීමට ( B2B ), පාරිභෝගිකයන් සමග සම්බන්ධ වීමට ( B2C ) මෙන්ම Employees, Companies එයාලගෙ Job Requirement එකට ගැලපෙන Profile හොයන්නත් මේ Linkedin භාවිත කරනවා. ඉතින් මෙහි ඇති වැදගත්කම ඔබට අවබෝධවන්නට ඇති. ව්‍යාපාර මට්ටමින් ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීමටත් පවුද්ගලික මට්ටමෙන් තම හැකියා , දක්ෂතා ප්‍රදර්ශනය කර රැකියා අවස්ථා සොයා ගැනීමටත් මෙය බොහෝ සෙයින් ඉවහල් වේ. අද වන විට ලංකාවේ ද බොහෝ ආයතන රැකියා අවස්ථාවන් සදහා තෝරා ගැනීමේ දී Linkedin ගිනුම් ගැනද බලයි. මෙහි ඇති වාසි කිහිපයක් බැලුවහොත් ,

1. සමාජ සබදතා ගොඩ නගා ගැනීමට උපකාරී වීම.

2. චින්තන හැකියා සහ නායකත්ව හැකියා වර්ධනය කර ගැනීමට උපකාරී වීම.

3. ව්‍යාපාරයේ සහ තමාගේ කීර්තිය වැඩි දියුණු කර ගැනීමට යොදා ගත හැකි වීම.

4. වෙලදපල පර්යේෂණ පැවැත්වීමට යොදා ගත හැකි වීම.

5. ව්‍යාපාරයන්හි භාණ්ඩ හා සේවාවල අලෙවිය වැඩි කර ගැනීමට යොදා ගත හැකි වීම.

වැනි බොහෝ වාසි සහ අවස්ථාවන් ඔබට Linkedin මගින් ලබා ගත හැකිය. මේ කිහිපයක් ගැන විස්තරාත්මකව බලමු.

1. සමාජ සබදතා ගොඩ නගා ගැනීමට

මිලියන 740 කට අධික පිරිසක් සිටින මෙහි විවිධ ව්‍යාපාරික සහ රැකියා ක්ශේත්‍රයන්හි කරයුතු කරන විවිධාකාර පිරිස් විශාල ගනණක් සිටියි. ඉතින් ඔබ කරයුතු කරන ක්ශේත්‍රයට අදාල පුද්ගලයන් සමග සබදතා ඇති කර ගැනීමට මෙය මහත් පිටුවහලක් වන බව ඔබට වැටහෙනවා ඇති.

2. චින්තන හැකියා සහ නායකත්ව හැකියා වර්ධනය කර ගැනීම

Linkedin තුලින් සමාජ සබදතා ගොඩ නගා ගැනීමට හැකි බව අපි කතා කලා. ඉතින් මෙම පුද්ගලයන් සමග කටයුතු කිරීමේ දී ඔබට ඔබ ක්ශේත්‍රයේ තරගකරුවන් ද හමු වේ. ඔවුනොවුන් සමග සබදතා පැවැත්වීමේදී ඔබට ඔබගේ ක්ශේත්‍රය පිලිබද චින්තන හැකියා වර්ධනය කර ගැනීමට හැකිය. එසේම Linkedin තුල මෙම හැකියා වර්ධනය කර ගැනීමට විවිධ අවස්ථාවන් ලබා දී ඇත. උදාහරණයක් ලෙස මෙහි විවිධ අයගේ ගැටලුවලට පිලිතුරු දීමේ අවස්ථාව ඇත. එතුලින් ද මෙම හැකියා වර්ධනය කර ගත හැකි වේ.

3. ව්‍යාපාරයේ සහ තමාගේ කීර්තිය වැඩි දියුණු කර ගැනීමට

Linkedin ඔබගේ Online සබදතා වැඩි කර ගැනීමට කදිම social meadia එකකි. ඉතින් මෙම Linkedin තුල පවතින personal සහ group විශේෂාංග හරහා ඔබගේ ව්‍යාපාරය හෝ ඔබගේ රැකියා, සුදුකම්, හැකියාවන් අන් අය අතරට ගෙන යාමට දැනුවත්භාවය ඇති කරලීමට යොදා ගත හැකිය. ඔබේ ව්‍යාපාරයේ නම , Logo වැනි දෑ නිතර අන් අයට පෙන්වීමෙන් එය ඔවුන්ගේ සිතට කා වදිනු ඇත.

4. වෙලදපල පර්යේෂණ පැවැත්වීමට

මෙය ව්‍යාපාර වලට ඉතාමත් වැදගත් දෙයකි. ව්‍යාපාරයන්ට නව අවස්ථා ප්‍රවණතා හදුනා ගැනීමට , තරගකාරීත්වය ගැන අවබෝධයක් ගැනීමට පාරිභෝගික අවශ්‍යතා හදුනා ගැනීමට වැනි විවිධාකාර හේතු නිසා ව්‍යාපාර වෙලදපල පර්යේෂණ සිදු කරති. Linkedin තුල තම ක්ශේත්‍රයේ අන් අයගේ කටයුතු විමර්ශනය, අන් අයගේ ප්‍රශ්නවලට පිලිතුරු දීම බැලීම, තමා ප්‍රශ්න ඇසීම වැනි විවිධ ක්‍රමවේදයන්ට වෙලදපල පර්යේෂණ පැවැත්වීමට හැකි වේ.

Linkedin ව්‍යාපාරය හෝ තමා සදහා නිවැරදිව යොදා ගන්නා ආකාරය

Linkedin තුල profile එකෙන් සහ page එකක් මගින් ඔබගේ ව්‍යාපාරය හෝ ඔබගේ හැකියා ප්‍රදර්ශනය කල හැකිය. ඔබ ඔබගේ හැකියා ප්‍රදර්ශනය කරන්නේ නම් වඩාත් සුදුසු වන්නේ ඔබගේ ගිණුම නිවැරදිව සකසාගෙන කටයුතු කිරීමයි. ව්‍යාපාරයකට page එකක් සකසා ගැනීම වඩාත් සුදුසු වේ.

~ Linkedin Profile එකට Tricks

Linkedin හි වැදගත්ම අංගය වන්නේ profile එකයි. ව්‍යාපාරිකයෙක්ට,  වෘත්තිකයෙක්ට, ශිෂ්‍යයෙක්ට වගේ ඕනිම කෙනෙකුට තමන්ගෙ Personal Brand එක හෝ Bussness Brand එකක් ලෝකෙටම පෙන්නන්න Publish කරන්න හොදම තැන තමයි Linkedin profile එක. ලෝකෙ ඕනිම තැනක රැකියාවකට සම්මුඛ පරීක්ෂණයකට උනත් මේ Linkedin profile එකේ URL එක ලබා දෙන්න එහෙමත් නැත්නම් Linkedin Profile එක PDF එකක් විදියට download කරලා උනත් ලබා දීමේ හැකියාව තියෙනවා. ඔයාගෙ නම Google Search කලාම ඒකෙ Result වල පෙන්නන්නත් මේ Linkedin profile එක උපකාර වෙනවා. ඔන්න මේකෙ ඔයාට profile එක හදාගද්දි සැලකිලිමත් වෙන්න ඕනි දේවල් ටිකක් පහලින් දාන්නම්.

1. Professional Profile Photo එකක් යොදා ගන්න.

Facebook වැනි අනෙකුත් සමාජ ජාල වගේ නෙවෙයි. මේ Linkedin වල profile photo එකට තමන්ගෙ වැදගත් විදියෙ photo එකක් යොදා ගැනීම වැදගත්. සරල ඇදුමකින් හරි සිනාමුසුව  වැදගත් පෙනුමකින් යුතු photo එකක් යෙදීම ඉතාමත් වැදගත්.

2. Professional  Heading එකක් යෙදීම.

Facebook වල ඔයාලා bio දානවා වගේ මේකෙ Heading එකක් දාන්න පුළුවන්. හැබැයි facebook වල වගේ හිතෙන හිතෙන දේවල් නම් මේකෙ දාන්න යන්න එපා. තමන්ගෙ තනතුර , හැකියාවන්, දක්ෂතාවන් වගේ දෙයක් සදහන් කරලා ක්‍රියේටිව් විදියට මේ Heading එක ඇතුලත් කරන්න.

3. Professional Profile Summary යෙදීම.

මේකත් ඉතාමත් වැදගත්. තමන්ගෙ ක්ෂේත්‍රයේ තමාට තියෙන දැනුම, හැකියාව, අත්දැකීම් වගේ දේවල් summary එක දකින කෙනෙක්ගෙ හිතට යන විදියට summary යෙදීම ඉතාමත් සුදුසුයි.

4. Professional Contact Details

Contact Details යෙදීමේදී පැහැදිලි නිවැරදි ඒවා යෙදීම වැදගත්. Email එකත් වැදගත් පෙනුමකින් තිබීම සුදුසුයි. තමාගේ නමට ගැලපෙන ලෙස Email එකක් සකසා ගන්න. Email එකට අංක යොදා නොගැනීම වඩාත් සුදුසුයි.

5. Professional ලෙස හැසිරෙන්න.

අනෙකුත් සමාජ ජාලා මෙන් විනෝදය ලැබීම වැනි කටයුතු සදහා නිර්මාණය කරන ලද්දක් නොවන බැවින් ඊට ගැලපෙන ලෙස professional ලෙස හැසිරීම මෙහිදී ඉතාමත් වැදගත් වෙනවා. Profile එක නිතර update කරන්න. තමන්ගෙ articals, Projects Reports වගේ වැදගත් නිතර share කරන්න. හැබැයි නිතර කියන්නෙ පැයෙන් පැයට වගේ නෙවෙයි දවසට 1ක් 2ක් වගේ උපරිම දාන්න. තමාගෙ ක්ශේත්‍රයේ ඉන්න අයව connect කර ගන්න. Connection Request දාන්න. නිතරම වැදගත් විදියට කටයුතු කරන්න.

~Linkedin Pages ගැන බලමු.

ව්‍යාපාර නිශ්පාදන හා සේවා ප්‍රවර්ධනය, කුසලතා ඇති අය එකතු කර ගැනීමට, රසවත් හා ප්‍රයෝජනවත් content බෙදා ගැනීමට, ව්‍යාපාරයේ වෙලද නාමය ප්‍රසිද්ධ කර ගැනීම වැනි කාර්යයන්ට ව්‍යාපාර Linkedin page භාවිත කරයි. එසේම රැකියා සොයන්නන්ට සහ රැකියා කරන්නන්ට තමන්ගෙ හැකියාවන් , දක්ෂතාවන් ප්‍රචාරය කිරීමටද මෙම Linkedin page යොදා ගත හැක.

පහත ලින්ක් එකෙන් ගොස් Create Page යන්න Click කර අවශ්‍ය තොරතුරු ඇතුලත් කර ඔබට පහසුවෙන් Linkedin page එකක් සකසා ගත හැකි වේ.

https://business.linkedin.com/marketing…/linkedin-pages

පේජ් එක සැකසීමෙන් පසු තවත් විවිධ අමතර තොරතුරු යෙදිය හැකිය. ඒවා නම්,

 * Company Description

 * Location

 * Hash Tags

 * Cover Photo

 * Costom Button

වැනි දෑ වේ.

මේවා සම්පූර්ණ කිරීමෙන් ඔබේ page එක Google, Linkedin වැනි Search Engine තුල ඉහලට පැමිනේ. එමගින් ඔබේ Page එකට තවත් අමතර Views විශාල ප්‍රමානයක් ලැබෙනු ඇත.

ව්‍යාපාරිකයන්ට, රැකියා සොයන්නන්ට මෙන්ම රැකියා වල නිරත වන අයටත්  Linkedin ගිනුමක් සග Page එකක් පවත්වාගෙන යාම ඉතාමත් වැදගත් බව ඔබට වැටහෙන්නට ඇති. මෙලෙස විශාල වාසි ප්‍රමාණයක් අත් කරගත හැකි Social Meadia එකක් වන Linkedin හි ගිනුමක් සකසා ගැනීමට තවත් ප්‍රමාද නොවන්න.

Related Articles

Newsletters

Join to Our Newsletter

E-Learning Studies

ලොකු හීනයක් සැබෑ කරගන්න පුංචි තැනකින් විශිෂ්ටතම ඇරඹුමක් ගන්න.

Open chat
1
Greetings from E-Learning!
How may I assist You?.......