Ebay Drop Shipping වලින් සල්ලි හොයමු

ebay dropshipping-image

අන්තර්ජාලය හරහා පහසුවෙන් මුදල් හොයන්න හැමෝම කැමැත්තක් දක්වනවනෙ. නමුත් පහසුයි කියන හැම දේම පහසු නැහැ. ඒත් ebay dropshipping කියන දේ නම් අපහසුත් නෑ පහසුත් නෑ. ඇයි මම මෙහෙම කිව්වෙ හැමෝටම ප්‍රශ්නයක් ඇති. ඉදිරියට අපි ඒකට හේතුව බලමු. කෙසේ උනත් ඉතාමත් සාර්ථකව විශාල වශයෙන් මුදල් ඉපැයීමේ ක්‍රමයක් ලෙස ebay dropshipping හදුන්වන්න පුළුවන්. 

මොකක්ද මේ Ebay Dropshipping.? 

Ebay කියන්නෙ ලෝකෙ තියෙන ලොකුම online භාණ්ඩ අලෙවි කරන web අඩවියක්. දවසකට මිලියන ගානක් පාරිභෝගිකයන් මෙම ebay හරහා ගනු දෙනු මෙහි සිදු කරනවා. ඕනෑම කෙනෙකුට මේ ebay හි store එකක් open කර භාණ්ඩ අලෙවි කරන්න පුළුවන්. aliexpress කියන්නෙත් ඒ වගේම ලෝකෙ තියෙන ලොකු online භාණ්ඩ අලෙවි කරන web අඩවියක්. නමුත් aliexpress හි භාණ්ඩ ebay හි භාණ්ඩවලට වඩා ඉතාමත් අඩු මිලකට තමයි අලෙවි වෙන්නෙ. ඉතින් මතකනෙ මම කිව්වා ebay එකේ ඕනිම කෙනෙක්ට store එකක් හදාගෙන භාණ්ඩ අලෙවි කරන්න පුළුවන් කියලා. අපි මෙතනදි කරන්නෙ aliexpress හි හෝ වෙනත් අඩු මිලකට භාණ්ඩ ලබා ගත website එකකින් භාණ්ඩ ලබා ගෙන ebay එකෙහි අලෙවි කරන එකයි.

සිතන්න aliexpress වල රුපියල් 500ට තියෙන යම් භාණ්ඩයක් ඔබ ebay හි රුපියල් 1000ට අලෙවි කිරීමට පල කරනවා. මෙයට ඔබ භාණ්ඩය මිලට ගන්න නම් අවශ්‍ය නැහැ. භාණ්ඩයට අදාලව aliexpress හි ඇති විස්තර එලෙසම ebay හි පල කරන්න තමයි තියෙන්නෙ (නමුත් මෙය ගොඩක් sellers ලා සිදු කරන නිසා අපි ටිකක් Unique වෙන තරමට අපිට වාසියි). මේ විදියට පල කල භාණ්ඩය යම් පාරිභෝගිකයෙකු ඇනවුම් කල පසු ඔබට පාරිභෝගිකයාට අදාල විස්තර ලැබෙනවා. ඒ භාණ්ඩය යැවිය යුතු ලිපිනය යනාදියයි. ඒ වගේම මුදල්ද ඔබේ paypal ගිණුමට ලැබෙනවා. ඊලගට ඔයාට කරන්න තියෙන්නෙ මේ පාරිභෝගිකයගෙ තොරතුරු ඒ විදියටම දීලා aliexpress හි ඒ භාණ්ඩය ඔහු වෙනුවෙන් ඇනවුම් කරන්න. මෙතනදි අපිට අපේ අතේ යම් මුදලක් තිබිය යුතුයි. මොකද පාරිභෝගිකයා අපෙන් භාණ්ඩ ඇනවුම් කල විගස මුදල් ගෙව්වත් අපිට එවෙලෙම ඒක අතට නම් ගන්න බැහැ. දැන් ඔබට මේ ගණුදෙනුවෙන් රුපියල් 500ක ලාබයක් ලැබිලා තියෙනවා. 

Ebay Dropshippingහි සාර්ථක අසාර්ථකත්වය

මේ හරහා ඉතාමත් සාර්ථක වූ පුද්ගලයන් ඕනි තරම් ඉන්නවා. ඔබට රුපියල් 500ක පමණ ලාබ ලැබිය හැකි භාණ්ඩවලින් පටන් ගෙන රුපියල් දහස් ගනන් ලාභ ගෙන අලෙවි කල හැකි භාණ්ඩ දක්වා කරගෙන යා හැකියි. කිසිදු රැකියාවක් නොකර මෙයින්ම ජීවත්වන අයද ඕනෑ තරම් සිටිනවා. ඉතා අඩු වයසෙන් මේ හරහා දියුණු වූ ලාංකිකයන්ද ඕනෑ තරම් සිටිනවා. ඉහත ebay dropshiping යනු කුමක්දැයි කල පැහැදිලි කිරීමෙන් ඔබට එය ඉතාමත් සරල දෙයක් ලෙස සිතෙන්නට ඇති. එනිසාම බොහෝ දෙනා කරන්නේ එක පාරින් එය සිදු කිරීමට යාමයි. එයම ඔවුන්ගේ අසාර්ථකත්වයට හේතු වෙනවා. සිතන්න සති පොලකටවත් අපට ගියපු ගමන් භාණ්ඩ අලෙවි කිරීමට ඉඩ දෙනවද ? නැහැනෙ. ඒවට අවසර ගන්න ඕනි පියවර තියෙනවා . ඒ වගේ යම් ක්‍රියා පිලිවෙලක් තියෙනවා. ඉතින් ලෝකෙ තියෙන්නෙ ලොකුම e-commorce වෙබ් අඩවියක් වෙන ebay එකෙත් වැඩ කරන්න ඕනි පිලිවෙලක් තියෙනවා. නැත්නම් ඔවුන් ඔබේ store එක ebay වෙතින් ඉවත් කරන්න තියෙන ඉඩකඩ වැඩී. 

ඒ වගේම භාණ්ඩ තෝරා ගැනීමේදී , එම භාණ්ඩ පල කිරීමේදී , පල කිරීමෙන් පසු සැලකිලිමත් විය යුතු කරුණු වගේම සාර්ථකත්වයට යොදා ගත හැකි විශේෂ ක්‍රමෝපායන් තියෙනවා. ඉතින් ebay dropshiping කරන්න කලින් අපි මේ දේවල් ඉතාමත් හොදින් සොයා බැලිය යුතුයි. ඕනිම දෙයක් කරන්න කලින් අපි ඒ දේ ගැන ඉගෙන ගන්න ඕනි. නැත්නම් අපි අසාර්ථක වීම හෝ සාර්ථක වීමට වැඩි කාලයක් ගත වීමට පුළුවන්. බොහෝ දෙනා අසාර්ථක වීමට ප්‍රධාන හේතුව මෙයයි. ebay dropshipping යනු කුමක්දැයි බලා එය එක්වරම කරන්නට නොයා dropshiping සදහා භාවිත කරන විශේෂ ක්‍රම , මෙහිදී සැලකිලිමත් විය යුතු කරුණු , අසාර්ථක වීමට බලපෑ හැකි හේතු වගේ මේ සම්බන්ධ සෑම දේම සොයා බලා ආරම්භ කිරීම තුලින් ඔබට ඉක්මනින් සාර්ථක ලෙස මුදල් සෙවිය හැකි වේ.

මෙලෙස වැඩි මිලට අලෙවියේදී භාණ්ඩ අලෙවි වේදැයි ඔබට ප්‍රශ්නයක් ඇති. අපි aliexpress එකට වඩා වැඩි මිලට අලෙවි කලත් ebay හි මිල ගනන්වලට සමානව අලෙවි කරන නිසා එය ගැටලුවක් නොවේ. මෙහිදී එක් market එකක ඇති භාණ්ඩ තවත් market එකක විකිණීම සිදුවන නිසා භාණ්ඩ මිලදී ගැනීමට එන පිරිසද වෙනස් වේ. ebay සදහා වැඩි වශයෙන් පැමිනෙන්නේ ඇමෙරිකාව වැනි යුරෝපීය රටවල පිරිස් වේ. aliexpress වෙත යුරෝපීය රටවල පිරිස් වැඩි වශයෙන් නොයයි. මෙම වාසිය උපයෝගී කරගෙන අපට ඉතාමත් ඉහල ලාභ ලැබිය හැකි වේ. 

Ebay Dropshipping සිදු කරන ආකාරය 

Ebay හි buying සහ selling ලෙස account දෙවර්ගයක් පවතී. භාණ්ඩ මිලදී ගැනීමට buying account භාවිත කරන අතර භාණ්ඩ අලෙවියට selling account භාවිත කරයි. අප භාණ්ඩ අලෙවිට selling account එකක් සැකසිය යුතු උනත් මුලින් buying account එකක් සකසා ගත යුතුයි. ඉන්පසු අපේ buying account එකේ positive feedback 5ක් පමණ ලබා ගැනීමෙන් පසු එය selling account එකක් වෙත මාරු කල යුතුයි. positive feedback නොගෙන එක්වරම selling account එකක් සාදා භාණ්ඩ අලෙවි කල හැකි උනත් ටික දිනකින් ඔබේ selling account එක ebay වෙතින් අයින් වීම සිදු වේ. එවිට ඔබ අලෙවි කල භාණ්ඩ සදහා මුදලවත් ඔබට නොලැබී යයි. එනිසා අනිවාර්යයෙන් මුලින් positive feedback සකසා ගැනීම වැදගත් වේ. එයට ඔබ භාණ්ඩ මිල දී ගත යුතුයි. භාණ්ඩ මිලදී ගත් විට ඔබට positive feedback ලැබේ. මේ සදහා ඩොලර් දශම ගණන් වලට අලෙවිවන භාණ්ඩ ඔබට තෝරා ගත හැකිය. එවිට ඔබට රුපියල් 500 – 1000 කට පමණ භාණ්ඩ 5ක් පමණ ගෙන්වා positive feedback 5ක් එකතු කර ගත හැකි වේ. 

Positive feedback එකතු කර ගැනීමෙන් පසු ඔබට ඔබේ buying account එක selling account එකක් වෙත මාරු කර ගත හැකිය. මෙලෙස selling account එකක් බවට පත් කර ගැනීමට ebay profile icon එක click කර එහි account setting වෙත යන්න. එහි  personal info click කර business info හරහා ගොස් account type යන්නට ඉදිරියෙන් ඇති edit යන්න තුලින් මෙය සිදු කල හැකිය. දැන් ඔබේ ebay account එක සූදානම්. ඔබට aliexpress එකෙහිද ගිණුමක් තිබීම අවශ්‍ය වේ. aliexpress web අඩවියට ගොස් ගිණුමක් සකසා ගන්න. ඉන්පසු aliexpress තුලින් සුදුසු භාණ්ඩයක් තෝරා ගත යුතුයි. dropshiping හි වැදගත්ම කොටස මෙම භාණ්ඩ තෝරා ගන්නා කොටසයි. එහිදී සැලකිලිමත් යුතු සහ සොයා බැලිය යුතු කරුණු රාශියක් පවතී. trending භාණ්ඩයක් වීම , සුදුසු මිල , භාණ්ඩයේ ආකර්ෂණීය බව , භාණ්ඩය සදහා tracking තිබීම යනාදී ලෙස සැලකිලිමත් විය යුතු කරුණු රාශියක් පවතින අතර ඒවා එකින් එක දීර්ඝව සොයා බැලීම ඉතාමත් වැදගත් වේ.

භාන්ඩයක් තෝරා ගත් පසු ඔබට ebay වෙත ගොස් එහි sell යන්න click කර සුදුසු විස්තර ඇතුලත් කර අලෙවිය සදහා listing එකක් සැකසිය හැකි වේ. මෙසේ listing එක සැකසීමේදී ද විවිධ විස්තර ලබා දීමට සහ විවිධ option රාශියක් තේරීමට ඇති අතර ඒවාද ආරම්භයට ප්‍රථම දැන ගෙන සිටීම සුදුසු වේ. හේතුව නම් අප දෙන ඇතැම් විස්තර නිසා අපේ භාණ්ඩය අනෙක් අයට වැඩි වශයෙන් පෙන්වීමට සැලැස්විය හැකි නිසායි. මෙලෙස සැකසිය යුතු තැන් සහ විස්තර ගැන මුලින්ම සොයා බැලීම වටිනවා. සියල්ල සම්පූර්ණ කර listing එක දැමීමෙන් පසු ඔබට ඇත්තේ එය ප්‍රචාරය කරමින් අලෙවියට පාරිභෝගිකයන් සෙවීමයි. මෙයටද විශේෂිත marketing tricks පවතින අතර ඒවා ගැනද අවබෝධයක් ලබා සිටීම වැදගත් වේ. 

දැන් ඔබට ebay dropshipping සම්බන්ධයෙන් මූලික දැනුමක් තිබෙනවා. ඉහත සදහන් සියලු කරුණු සලකා බලා ටික කාලයක් මහන්සි වී ඉගෙන ගෙන මනා සූදාමකින් මෙයට අවතීර්ණ වී ඔබට කෙටි කාලයකින්ම විශාල සාර්ථකත්වයක් ලබා ගත හැකිවනු ඇත.

Related Articles

Newsletters

Join to Our Newsletter

E-Learning Studies

ලොකු හීනයක් සැබෑ කරගන්න පුංචි තැනකින් විශිෂ්ටතම ඇරඹුමක් ගන්න.

Open chat
1
Greetings from E-Learning!
How may I assist You?.......