AdSense ඔය කියන තරම් safe ද?

AdSense safe-image

ඔව් 100% safe කියන්න පුළුවන්. මොකද මේක Google ලගෙම Official Service එකක් නිසා.

AdSense හැම Website එකටම ගන්න පුළුවන්ද?

බෑ හැම එකටම ගන්න බෑ. ඒවට නීති තියනවා. ඒ මොනවද ඒ?

  •  Adsense ගන්න නම් Google Adsense වල අනුමත භාෂාවකින් Website එක හදලා තියෙන්න ඕනෙ. (සිංහල Blog වලට  දැනට Adsense ගන්න බෑ.)  සමහර අයට English post ලියන්න බැරිව ඇති. සමහර අයට English තේරෙන්නෙ නැතිව ඇති. ඒ අය බයවෙන්න එපා. පොඩි මුදලක් වියදම් කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ඔයාට පුළුවන් Article Writer කෙනෙක්ව hire කරලා ඒ වැඩේ කරගන්න.
  • TLD එකක් තියෙන්න ඕනෙ. ඒ මොකක්ද ඒ? ඒ කියන්නෙ Top Level Domain එකක් තියෙන්න ඕනෙ. අපි TLD කියලා සලකන්නෙ .com, .net, .org, .edu, .gov කියන Domain.
  •  Post එකක සාමාන්‍යයෙන් වචන 800 ක්වත් තියෙන්න ඕනෙ. (ඇත්තටම වචන 800 දැන් මදියි, මොකද Site එකක් Rank වෙන්න මුලිකවම Quality Content කියන සාදකය ගොඩක් බලපානවා. මම නම් Recommend කරන්නේ සාමාන්‍යයෙන් වචන 1200 – 2000 අතර article ලියන ගමන් වච්ච්න 2500 වගේ articles ටිකකුත් අතරින් පතර ඔයාගේ site එකට දාන්න කියලා)
  • . Website එකට හොද Traffic එකක් තියෙන්න ඕනෙ. (ඒ කියන්නෙ අපේ blog එක කියවන්න කට්ටිය එන්න ඕනෙ) – Adsense සදහා Approval එක ගන්න නම් site එකකට එන traffic එක බලපාන්නේ නැහැ. ඒ උනාට ඔයාට income එකක් එන්න ඔයාගේ site එකට visitors ලා එන්න ඕන.
  • සාමාන්‍යයෙන් Adsense Apply කරන්න කලින් ඔයාගේ domain එක (Website එක) අවම මාසයක්වත් පරණ වෙනකන් ඉන්න.

AdSense පටන්ගන්න මූලික වියදමක් යනවද?

ඔව්, අපිට Hosting එකක් සහ Domain එකක් ගන්න වෙනවා. ඒ වගේම ඔයා Website එකක් හදාගන්න දන්නේ නැත්නම් ඔයාට ඉගෙනගන්න වෙනවා නැත්නම් ඒ පිලිබදව දැනුමක් තියෙන කෙනෙක්ට ගෙවීමක් කරලා Website එක හදව ගන්න ඕන.

ඒ වගේම තවත් වැදගත් දෙයක් තියෙනවා, ඔයා හදාගන්න Website එක SEO කරගන්න ඕන. මේ වැඩේ ඔයාට තනියම කරගන්න බැරිනම් එකටත් ඔයාට මාසෙකට මුදලක් වියදාඕ කරන්න වෙනවා. ඒ වගේම මේ හැමදෙයක් ගැනම ඉගෙනගන්න ඔයාට Google / YouTube බාවිතා කරන්න පුළුවන්. මොකද ඕවගේ නැති දෙයක් නැහැනේ.

මේ ඔක්කමත් කියවලා, ඔයාට අයෙමත් හිතන්න පුළුවන් – අපිට මේක විශ්වාස කරන්න පුළුවන්ද?

ඔව් විශ්වාස කරන්න පුළුවන්. විශ්වාස නැත්තම් google එකේ ගහලා බලන්න Google Adsense payment proof කියලා. එතකොට තේරෙයි මේක ලංකාවෙ කරන ය සද්ද නැතුව කරාට පිටරට අය කොච්චර නම් හම්බ කරනවද කියලා මේකෙන්.

Related Articles

Newsletters

Join to Our Newsletter

E-Learning Studies

ලොකු හීනයක් සැබෑ කරගන්න පුංචි තැනකින් විශිෂ්ටතම ඇරඹුමක් ගන්න.

Open chat
1
Greetings from E-Learning!
How may I assist You?.......