මොකක්ද මේ Print On Demand?

print on demand-image

අන්තර්ජාලයෙන් මුදල් ඉපැයීම ගැන කතා කිරීමේදී අපිට ඉතා පහසුවෙන් මුදල් ඉපැයිය හැකි ක්‍රමයක් ලෙස print on demand පෙන්වා දිය හැක.

POD වලදි අපිට කරන්න තියෙන්නෙ භාණ්ඩ විකුන්න. භාණ්ඩ විකුනන්න නම් අපිට භාණ්ඩ තියෙන්න එපැයි. ඒත් මේකෙ අපිට අපේ ලග භාණ්ඩ නැහැ. මේක වෙන්නෙ මෙහෙමයි. භාණ්ඩ නිර්මාණය කර පාරිභෝගිකන්ට ලබා දෙන්න වෙනම පිරිසක් ඉන්නවා. අපි මෙයාලව manufacturer service providers ලෙස හදුන්වනවා. අපි මෙයාල ලග තියෙන භාණ්ඩ සදහා design නිර්මාණය කර ඔවුන්ට යැවිය යුතුයි. උදාහරණයක් ලෙස තනි පැහැයෙන් යුතු T-shirt එකක් ගන්න. අප  මේ සදහා සුදුසු design එකක් නිර්මාණය කර ඔවුන්ට යැවිය යුතුයි. ඉන්පසු ඔවුන් ඒ සදහා ඔවුන්ගේ මිල අප වෙත පෙන්වනවා. ඉන්පසු අප එයින් අපට අය විය යුතු ලාබයද සමග sell කල යුතුයි. පාරිභෝගිකයෙකු භාණ්ඩ ඉල්ලුම් කල විට manufacturer service provider විසින් අදාල design එක යෙදූ T-shirt ඔහු වෙත යවයි. එහිදී අපට අය විය යුතු මුදල අපට ලැබේ. T-shirt පමණක් නොවේ mugs , sticker , wall art, casing වැනි භාණ්ඩ වර්ග රාශියක් අපට මෙහිදී තෝරා ගත හැකිය.

ඇත්තෙන්ම මෙහිදී අපිට කිරීමට ඇත්තේ පියවර 3කින් යුත් ඉතා සරල ක්‍රියාවලියක් පමණි.

1. Design එක නිර්මාණය

2. Listing එක සෑදීම

3. Marketing කිරීම

මෙම පියවරයන් ගැන අප ඉදිරියට වැඩිදුර සාකච්ඡා කරමු.

  • මේ මගින් සාමාන්‍යයෙන් කොපමණ මුදලක් සෙවිය හැකිද ?

මෙය තීරණය වෙන්නෙ ඔබගේ භාණ්ඩ විකිණෙන ප්‍රමාණය මතයි. ඒ සදහා ඔබගේ design එකේ ආකර්ෂණීයත්වය සහ ඔබගේ marketing හැකියාව බලපානවා. ලාභය වශයෙන් ඔබට අවශ්‍ය මුදලක් තබා ගත හැකි අතර සාමාන්‍යයෙන් මුලින්ම MSP ලා 12$ක් පමණ ගන්නේ නම් ඒ සදහා 7$ ක පමණ ලාභයක් තමා ගනිමින් 19$ ක් ලෙස මිල නියම කල හැක.  මිල සැකසීමේදී ගැලපෙන මිලක් නියම කරන ආකාරය ඉදිරියට බලමු.

POD සදහා ලෝකයේ ඉතාමත් ප්‍රසිද්ධ වෙබ් අඩවි කිහිපයක්

  •  Red Bubble
  •  Teespring
  •  Shopify
  •  Merch Amazon
  •  Etsy

POD සිදු කරන ආකාරය මෙතැන් සිට බලමු.

  •  Design එක නිර්මාණය

මේ සදහා photo shop වැනි software එකක් ඔබට භාවිත කල හැකිය. phone එකක් නම් playstore , appstore තුලින් අවශ්‍ය application ලබා ගත හැකි අතර online web site ද භාවිත කල හැකිය. ඔබ  designing පිලිබද දැනුමක් නොමැති අයෙක් නම් සුලු මුදලක් දැනුමැති අයෙකුට දී design එකක් නිර්මාණය කර ගත හැකිය. fiver වැනි web අඩවි හරහා ඔබට 5$ ක් වැනි මුදලකට හොද designer කෙනෙකු තෝරා ගත හැකි වේ. එම 5$ ඔබ විකුණන එක් භාණ්ඩකින් ඔබට ගත හැකිය. නමුත් මෙසේ මිලට design ගන්නේ නම් ඔබට භාණ්ඩ විකුණාගත හැකි බවට විශ්වාසයක් තිබිය යුතුය. ඒ සදහා ඔබට marketing පිලිබද හොද දැනුමක් අවශ්‍ය වේ. නැතහොත් design එක නිර්මාණය කල මුදල ද ඔබට පාඩු විය හැක.

1. Design නිර්මාණයයේදී සැලකිලිමත් විය යුතු කරුණු

  •  copyright image යොදා නොගත යුතුය. ඔබම නිර්මාණය කල හෝ copyright නොමැති free images භාවිත කිරීම සුදුසුය.
  •  අන් අයට අපහාසවන වචන , නීතිවිරෝධී හෝ පිළිකුල්සහගත රූප ඇතුලත් නොවිය යුතුය.
  •  high quality design නිර්මාණය කිරීම ඉතා සුදුසු වේ.
  •  Bad grammar භාවිත නොකර සරල නිවැරදි වදන් භාවිත කරන්න.
  •  design එකෙහි වර්ණ යෙදීමේදී එකිනෙකට ගැලපෙන ඇසට ප්‍රිය උපදවන අයුරින් යොදා ගැනීම තුලින් පාරිභෝගියන් වැඩි විය හැකිය.

2. Listing එක සෑදීම.

ඉහත සදහන් කල ඕනෑම වෙබ් අඩවියක listing සැකසිය හැකිය .Teespring වෙබ් අඩවිය හිගක් මේ සඳහා ප්‍රසිද්ද නිසා අපි බලමු Teespring හි මෙය සිදු කර ආකාරය. නමුත් අපේ පාඨමාලාව මගින් ඔබට ඔබේම Website එකක් ආදරයෙන් මෙය සිදු කරගන්නා ආකාරය කියලා දෙනවා.

  •  මුලින්ම teespring හි ගිණුමක් සකසා ගන්න. එය ඉතා පහසුවෙන් කල හැකි වේ. 
  •  ඉන් පසු ඔබට start design ලෙස button එකක් ඉහලින් තිබෙනු දැක ගත හැකි වේ එය click කරන්න.
  •  පසුව category තුලින් ඔබට අවශ්‍ය category එක select කරන්න. අප T-shirt එකක් සෑදීමට apparel select කරා යැයි සිතමු.
  •  ඉන්පසු ඔබට අවශ්‍ය product එකක් select කල හැකිය. men’s t-shirt තෝරා ගත්තේ යැයි සිතමු.
  •  ඉන්පසු ඔබට කැමති ආකාරයක් තෝරා ගත හැකිය. මුලින්ම ඇති clasic යන්න select කලා යැයි සිතමු.
  •  ඉන්පසු ඔබට T-shird එකක් දිස් වේ. වම් පසින් option කිහිපයක් පෙන්වන අතර එහි add image click කර ඔබේ design එක t-shirt එක මතට සුදුසු අයුරින් යෙදිය හැකිය.
  •  ඊට පහලින් ඇති option එකෙන් ඔබට අවශ්‍ය t-shirt colours තෝරා ගත හැකිය.
  •  ඊටත් පහල ඇති option එකෙන් මිලදී ගන්නාට මුලින්ම පෙනිය යුතු පාට තේරිය හැකිය.
  •  ඉන්පසු ඔබට ලාභයක් තබා ගෙන මිල යෙදිය යුතුය. මෙහිදී මුදල් ඒකක දෙකකින් මිල යෙදිය යුතුය. එය ගැලපෙන ලෙස යොදා continue කරන්න.
  •  දැන් ඔබට තවත් අමතර products අවශ්‍ය නම් තේරිය හැකිය. එසේ තෝරන සියල්ල වම් පසින් දිස්වේ.  ඒවාට ඉදිරියෙන් ඇති edit යන්න ක්ලික් කර ඉහත කල ආකාරයටම ඔබට අවශ්‍ය ලෙස ඒවා edit කර ගත හැකිය.
  •  confirm කල පසු title එක සදහා සුදුසු tile එකක් සහ description එකක් යොදන්න. ඉන්පසු visibility එක public යොදා  publish කරන්න.

Listing සැකසීමේදී සැලකිලිමත් විය යුතු කරුණු.

  •  T-shirt colours තේරීමේදී තිබෙන සියල්ල තෝරා නොගෙන ගැලපෙන වර්ණ කිහිපයක් පමණක් තෝරා ගන්න.
  •  ලාභය තැබීමේදී ඔබ අලෙවි කරන භාණ්ඩය අනෙක් ස්ථානවල අලෙවිවන මිල ගනන් බලා ඉතා අඩුවටත් නොදී ඉහල අගයකටත් නොදී මධ්‍යස්ථ මිලක් නියමවන ලෙස ලාභය තේරීම සුදුසු වේ. ඉතා අවම මිලක් නොයෙදීමට හේතුව නම් එවිට භාණ්ඩයේ ගුණාත්මකභාවය අවම බව පාරිභෝගිකයන් සිතිය හැකි නිසාවෙනි.
  •  description යෙදීමේදී වෙනත් ස්ථානවලින් කොපි කර නොයෙදිය යුතුය. එසේම highlight වී පෙනීමට සෑම තැනම capital අකුරු නොයෙදිය යුතුයි. ගැලපෙන සරල , පැහැදිලි description එකක් යොදන්න.

3. Marketing

ඔබ දැමූ භාන්ඩ වැඩි ප්‍රමානයක් විකිණීමට නම් marketing කල යුතු වේ. මේ සදහා අපට social media භාවිත කල හැකිය.

social media marketing පිලිබද හොද අවබෝධයක් ලබා ගත හැකි පෝස්ට් 2ක්

  1. Part 1

2. Part 2

POD Tips කිහිපයක්

  •  Niche store එකක් පවත්වා ගෙන යාම වඩාත් සුදුසු වේ.

Niche store එකක් යනු එක් විශේශිත category එකකට අදාල store වේ. එනම් ඔබ love යන category එකට අදාල design කරන්නේ නම් ඔබේ store එකේ තිබිය යුත්තේ love සම්බන්ධ භාණ්ඩ පමණි. එහි වාසිය නම් පැමිණෙන customer පැමිණෙන්නේ love category එකට අදාල භාණ්ඩ ගැනීමටයි. මෙහිදී ඒ සම්බන්ධ භාණ්ඩ පමණක් තිබෙන නිසා ඔහු වැඩි වෙලාවක් store එක තුල රැදෙමින් භාණ්ඩ තෝරාගනු ඇත.

  •  ගොඩක් platform වල store පවත්වා ගෙන යන්න.

එකම web අඩවියකට සීමා නොවී POD කල හැකි තවත් web අඩවිවලට සම්බන්ධ වී ඒවාගේද store පවත්වා ගෙන යමින් වැඩි ආදායමක් ඉපයිය හැකි වේ.

  • Optimize your Listings

ඔබගෙ listing එක search result වල හැකි තාක් ඉහලට ගැනීමට උත්සාහ කරන්න. මේ සදහා විවිධ POD web අඩවිවල විවිධ ක්‍රම පවතී. ඔබ POD කරන web අඩවිය ගැන අධ්‍යනය කර මේවා සොයා ගත හැකිය. එමෙන්ට සෑම එකකටම පොදුවේ ඔබට title එක සහ description එක සදහා වැඩි දෙනෙක් search කරන keywords යොදා ගත හැකිය.

  • ඔබගේ store එක සදහා අවම listing 40 ක් 50 ක් වත් එකතු කරන්න.

ඔබගේ store එක තුල listing වැඩි ප්‍රමාණයක් තිබීම තුලින් පාරිභෝගිකයන් භාණ්ඩ තේරීමට store එක තුල වැඩි කාලයක් ගත කිරීම සහ තේරීමට විවිධ designවලින් විවිධ භාණ්ඩ තිබීම නිසා ඔවුන් නිශ්පාදන මිලදී ගැනීමට පෙලඹිය හැකිය.

මෙලෙස ඔබගේ කැපවීම මත ඉහල ආදායමක් ඉපැයිය හැකි වේ.

Related Articles

Newsletters

Join to Our Newsletter

E-Learning Studies

ලොකු හීනයක් සැබෑ කරගන්න පුංචි තැනකින් විශිෂ්ටතම ඇරඹුමක් ගන්න.

Open chat
1
Greetings from E-Learning!
How may I assist You?.......