මොකක්ද මේ Instant Article කියන්නෙ.?

facebook instant articles-image

අදවන විට ලෝකයේ සෑම කෙනෙකුම පාහේ දන්නා හදුනන social web අඩවියක්වන ෆේස්බුක් යොදා ගනිමින් බොහෝ ව්‍යාපාර තම ප්‍රචාරණ කටයුතු සිදු කර ගන්නවා. මේ සදහා ඔවුන් යම් මුදලක් ෆේස්බුක් වෙත ලබා දිය යුතු වෙනවා. ෆේස්බුක් ආයතනය මෙම දැන්වීම් ප්‍රචාරය කිරීමට යොදා ගන්නා එක් ක්‍රමයක් ලෙස instant article හදුන්වා දීමට පුළුවන්. මේ instant article හරහා අපට පහසුවෙන් ඉහල මුදලක් ඉපැයිය හැකිවේ. නමුත් බොහෝ දෙනා මේ ගැන නොදන්නේ මේ පිලිබද ඇති resources සීමා සහිත වීම නිසායි. අපි බලමු මෙය සිදු කරන ආකාරය.

මොකක්ද මේ Instant Article කියන්නෙ.?

ඔබ Facebook තුල සාමාන්‍ය link එකක් ක්ලික් කල විට එය load වීමට තරමක කාලයක් ගත වේ. දකුණු පස කෙලවරෙහි ඩොට් 3ක්ලික් කල විට open with browser යනාදී ලෙස දේවල් කිහිපයක් පවතී. එමෙන්ම එතනින් ඉවත් වීමට වම් පස කෙලවරේ close icon එක click කල යුතු වේ. නමුත් instant article අනෙක් ඒවාට සාපේක්ෂව ෆේස්බුක් තුල ඉතාමත් ඉක්මනින් load වෙන article විශේෂයක් වේ. එමෙන්ම දකුණු පස ඩොට් 3 ක්ලික් කර ඔබට මෙම article එක අනෙකුත් social media වලට share කල හැක. එමෙන්ම පහසුවෙන් screen එක වම් පසට ඇද මෙතනින් ඉවත් විය හැකි වේ. මේ තුලින් ප්‍රධාන වශයෙන් ඔවුන් බලාපොරොත්තු වී ඇත්තේ mobile device තුලදී සිදුවන වේගය අඩාල වීම් නැති කිරීමටයි.

කොහොමද මෙයින් මුදල් ලැබෙන්නෙ?

අප අපගේ web අඩවි මේ Facebook instant article සමග සම්බන්ධ කල විට අපගේ article Facebook තුල share කල පසු එය කවුරුන් හෝ ක්ලික් කල විට instant article එකක් ලෙස Facebook තුල වේගයෙන් load වේ. එහි දී ෆේස්බුක් ආයතනය විසින් ඒ තුල විවිධ දැන්වීම්ද ප්‍රදර්ශනය කරනු ලැබේ. ඉතින් මේ සදහා සැලකිය යුතු මුදලක් ෆේස්බුක් ආයතය විසින් අප වෙත ලබා දේ. 

මේ සදහා approve දීමට නම් ඔවුන්ගේ නීති මාලාවකට යටත් වීමට සිදු වේ.  https://developers.facebook.com/docs/instant-articles/policy වෙත ගොස් මෙම නීති බලා ගත හැක.

Earning කොහොමද.?

ඔබට earn කල හැකි මුදල් ප්‍රමාණය විවිධ කරුණු මත වෙනස් වේ. ප්‍රධානම කරුණක් ලෙස ඔබගේ audience එක පෙන්වාදිය හැකි වේ. ඔබ සමග ශ්‍රී ලංකාව තුල audience එකක් සිටින්නේ නම් එක් click එකක් සදහා ලැබෙන්නේ ඉතාමත් පහල මුදලක් වේ. නමුත් ඔබ USA වැනි High Economy එකක් ඇති රටවල audience එකක් target කරන්නේ නම් ඉහල මුදලක් සෙවිය හැකි වේ. එමෙන්ම ඔබේ audience එකේ ප්‍රමාණය මතද මෙය වෙනස් වනවා. එමෙන්ම ඔබේ marketing හැකියාව මෙයට බොහෝ සෙයින් බලපානවා. 

https://elearningstudies.com/how-to-use-social-media-effectively-for-your-business/ social media marketing ගැන මේ article එක බැලුවොත් ඔයාට හොද අවබෝධයක් ගන්න පුළුවන් වේවි. 

Instant article සකසා ගැනීම සදහා මූලිකව දැන ගත යුතු දෑ සහ මූලික පියවරයන් ගැන බලමු.

අවශ්‍ය දෑ

1. මේ සදහා ඔබට Facebook page එකක් තිබිය යුතුය. ඔබට Facebook page එකක් නැති නම් පලමුව Facebook page එකක් සකසා ගන්න. (like ප්‍රමාණය අදාල නොවේ.)

2. එමෙන්ම ඔබට article දමන web අඩවියක් තිබිය යුතු වේ. WordPress හරහා ඔබට පහසුවෙන් වෙබ් අඩවියක් සකසා ගත හැකිය. Article සිංහලෙන් දාන්නත් පුළුවන් උනත් ශ්‍රී ලංකාවට කරන ගෙවීම ඉතාමත් පහල මට්ටමක තමයි තියෙන්නෙ. නමුත් අපි කව්රුත් නොහිතනා ආකාරයට ඉහල ඉපයීම් ලබාගන්න Instant Article approve  වෙබ් අඩවිද ලංකාවේ කිහිපයක් තියෙනවා.

3. ඔබගේ Facebook  page එකේ likes, followers ප්‍රමාණය සාපේක්ෂව අඩු අගයක් නම් තියෙන්නේ, මෙයින් සාර්ථක වීමට ඔබට ආරම්භයේදී වෙනත් අයකුගේ විශාල Audience එකක් තියෙන Page එකකට ගෙවා ඔබේ articles පලකරගැනීමට සිදු වෙනවා. නමුත් හොදම විදිය නම් ඔබ සතුව Likes / followers ලා අවම ලක්ෂයක් පමණ සිටින Page එකක්වත් තිබීමයි.

Setup කර ගන්නා ආකාරය

1. ඔබගේ WordPress admin panel එක තුල ඇති plugins යන්න click කර එහි add new වෙත ගොස් Facebook instant article for wp නම් plugin එක search කර install කර ගන්න. එය Activate කල විට වම් පස කෙලවරේ facebook instant ලෙස දිස් වනු ඇත. එය click කරන්න.

2. එහි ඇති these instructions යන්න click කල විට ඔබව Facebook instant article වෙබ් අඩවිය වෙත යොමු වේ. එහි ඔබගේ Facebook page එක තෝරා instant terms agree කර ඊට පහතින් ඇති access instant article tools යන්න click කර ඉන් පසු එන popup windowහි continue යන්න click කරන්න.

3. ඉන්පසු ඔබ පිවිසෙන web page එකහි 

Agree to Terms and Conditions ඉදිරියෙන් ඇති review terms යන්න click කර terms agree කර ගන්න.

4. add 10 production article for review යන්නට ඉදිරියෙන් ඇති begin යන්න click කරන්න. එහි claim url තුලට ගිය විට WordPress plugin users තුල ඇති page ID එක copy කරගෙන නැවතත් WordPress admin panel එක තුල Instant Facebook plugin එක තුලට පැමිණ Facebook page ID එක යෙදීමට ඇති text box එක තුලට copy කර ගත් ID එක paste කර save කර ගන්න.

5. නැවතත් Business Facebook වෙත ගොස් ඉහත claim url තුල තිබූ html code එක සම්පූර්ණයෙන් copy කර ගන්න. ඉන්පසු WordPress Admin panel එකහි appearance තුල theme editor වෙත ගොස් header.php file එක තෝරා එහි <head> tag එකට පහලින් copy කර ගත් code එක paste කරන්න.

6. නැවතත් Facebook business වෙත පැමිණ claim domain url තුල  claim url button එක click කර ඔබගේ web අඩවියේ URL එක ඇතුලත් කර claim url යන්න click කරන්න. නිවැරදි නම් successful msg එකක් දිස් වේ. අවසානයේ previous button එක click කරන්න.

7. Configure article style ඉදිරියෙන් කොල පැහැයෙන් නිවැරදි ලකුණක් නොමැති නම් එය තුලට ගොස් ගැලපෙන ලෙස image එකක්  upload කල හැක. 

8.  පහතින් ඇති Add production article වෙත ගිය විට ඉහලින් add article ලෙස තිබෙනු දැක ගත හැකි වේ. එහි add with RSS feed තෝරා එහි  https://yoursite.com/feed/instent-artical ලෙස url එක දිය යුතු වේ. මෙහි yoursite.com වෙනුවට ඔබේ web අඩවියේ url එක ලබා දිය යුතුය. ඉන්පසු මෙය save කල හැකිය. මෙයට පහතින් ඇති add development Article සදහාද මෙයම ලබා දී save කර ගන්න.

9. ඉන්පසු ඔබගේ WordPress web අඩවියට අවම article 10 හෝ ඊට වැඩියෙන් දමන්න.

10. එය අවසන් කර Setup Monetization තුල Agree to Monetization Terms and Conditions, review කර agree කරන්න.

11. ඉන්පසු payment account setting ගැලපෙන ලෙස සකසා ගත හැකිය.

මේ අයුරින් setup කල පසු Facebook ආයතය විසින් දින කිහිපහක් ඇතුලත review කර බලා approval එක ලබා දේ. මෙහි Earning ප්‍රමාණය ඔබගේ කැපවීම සහ උනන්දුව මත තීරණය වන බවද මතක තබාගන්න.

Related Articles

Newsletters

Join to Our Newsletter

E-Learning Studies

ලොකු හීනයක් සැබෑ කරගන්න පුංචි තැනකින් විශිෂ්ටතම ඇරඹුමක් ගන්න.

Open chat
1
Greetings from E-Learning!
How may I assist You?.......