මොකක්ද මේ Domain එකක් කියන්නෙ?

domain-image

වෙබ් අඩවියක domain එක කියල කියන්නේ වැදගත් දෙයක්. කෙනෙක්ගේ නමක් වගේ වෙබ් අඩවියේ නම තමයි Domain එක. ඔයාගේ වෙබ් අඩවියට නමක් තෝර ගන්නකොට මෙන්න මේ දේවල් සලකා බලන්න.

  • වෙබ් අඩවියේ තියෙන දේවල් වලට ගැලපෙන එකක් විය යුතුයි.
  • කෙටි සහ ඉක්මනින් මතක තබා ගත හැකි එකක් විය යුතුයි.
  • Type කරන්න, කියවන්න පහසු එකක් විය යුතුයි.
  • .com , .net වැනි extension එකක් භාවිත කරනවනම් හොදයි Google Adsense වගේ කරන්න හිතනවා නම්.

තව ඔයා සැලකියයුතු වෙන්න ඕන Domain name එක Purchase කරන්න කලින් මේ Domain Name එක කලින් භාවිතා කරල තියෙන එකක්ද කියලා. මොකද ඇතැම්විට Google එකෙන් Penelty වැදිලා තියෙන Domain එකක් වෙන්නත් පුලුවන් මේ Available තියෙන්නෙ.

ඔය දේවල් ගැන හිතල ඔයා හොද domain name එකක් තෝරාගන්න. ඊට පස්සේ බලන්න ඕන දේ තමයි ඔයාගේ domain එක available ද කියන එක. ඒ කියන්නේ domain එක දැනටමත් වෙන කෙනෙක් අරගෙනද නැද්ද කියන එක.

ඔයාට ඒක check කරගන්න, Domain sell කරන වෙබ්අඩවියකින් පුලුවන්.

උදාහරණයක් විදියට Namecheap කියල වෙබ් අඩවියක් තියෙනවා. ඔයාට පුලුවන් මේ site එකට ගිහින් ඔයා තෝරගත්ත Domain එක එකේ type කරලා Availability එක  Check කරගන්න. Namecheap වලට අමතරව මේ වගේ Domain sell කරන recommended sites තව තියෙනවා.

  • Godaddy
  • Porkbun
  • Sav
  • Namesilo… ඒවා අතරින් ප්‍රදාන ඒවා වෙනවා.

උදාහරණයක් විදියට ඔයා ලංකාව ගැන වෙබ්අඩවියක් හදන්න mothersrilanka.com කියන නම තෝරගත්තා කියලා හිතුවොත් ඔයාට පුලුවන් ඒ නම Namecheap වෙබ්අඩවියට ලොග් වෙලා Availability එක check කරන්න. ඔයා තෝරගත්ත domain name එක (with extension) available නොවුනොත් මේ වෙබ්අඩවි මගින්, මේ වෙලාවෙ ඔබට ලබා ගත හැකි domain name sugessions ලබා දෙනු ලබයි.

ඉනප්සු එයින් ඔබට ගැලපෙන නමක් හෝ වෙනත් නමක් තෝරගෙන domain name එක මිලදී ගන්න පුලුවන්. 

Related Articles

Newsletters

Join to Our Newsletter

E-Learning Studies

ලොකු හීනයක් සැබෑ කරගන්න පුංචි තැනකින් විශිෂ්ටතම ඇරඹුමක් ගන්න.

Open chat
1
Greetings from E-Learning!
How may I assist You?.......